
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.
එම සංගමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා සහභාගී විය. අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.එම්. අස්ලම් මහතා තේරී පත් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුර්කිය කියන්නේ ලෝකයේ බිහිසුණු ISIS මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයට කෙලින්ම උදව් කරන හමාස් ත්රස්තවාදීන්ට යුදෙව් ජනතාව මරා දමන්න උදව් කරන අසල් වැසි රාජ්‍යයන් ආක්‍රමණය කිරීම අතින් ලේ තැවරුණු ඉතිහාසයක් තියෙන විශ්වාස නොකළ යුතු රටක්...
යුරෝපයේ ආසියාවේ යා කරන රට තුර්කිය. ලංකාවට ඉතා වැදගත් රටක්. අවුරුදු 2000කට කලින් ඉඳන්ම මිත්‍ර රටක් (ග්‍රීක අධිරාජ්‍යයේ සිටම)