IMG-LOGO

බීමත් පියා තුන් හැවිරිදි දරුවා උණුවතුරෙන් පුච්චලා

( ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයාය පියෙකු සිය තුන් හැවිරිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට  උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල  සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

මේ පිළිබඳව පැමිණිල්ලක් අද  (25) ලැබී ඇති බවත්, එම සිදුවීමෙන් බරපතල තුවාල ලැබු එම දරුවා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලීසිය කියයි.

ඊයේ (24) සවස් කාලයේදී කුඩා  දරුවා මෙම සිද්ධියට මුහුණ පා   ඇති අතර, බීමතින් පැමිණි පියා දරුවාට අමානුෂික ලෙස පහරදී පසුව ශරීරයට උණු වතුර දමා පුළුස්සා ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිදුවීමට සම්බන්ධ එම දරුවාගේ පියා මේ වනවිට නුවරඑළිය ප්‍රදේශයට පලා ගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ලිඳුල පොලීසිය පවසයි.

මෙම දරුවාගේ පිට ප්‍රදේශයේ විශාල කොටසක් උණු වතුර දැමීම හේතුවෙන් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවත්, මුලික ප්‍රතිකාර සිදු කිරීමෙන් අනතුරුව   විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා   නුවරඑළිය මහ රෝහල වෙත මාරු කොට යවීමට පියවර ගන්නා බව මේ පිළිබඳව සිදු කරන ලද විමසීමේදී ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන  වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා පැවැසීය.

 

 



අදහස් (1)

බීමත් පියා තුන් හැවිරිදි දරුවා උණුවතුරෙන් පුච්චලා

Bunny Preena Tuesday, 25 July 2023 01:04 PM

මේවගේ වැඩ කරන නරුම තාත්තලාට මොනවගේ දඬුවමක් දුන්නොත්ද හොඳ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 142 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 430 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site