
(අර්නස්ට් ජයතිලක සහ ඇන්ටන් ජයසූරිය )
පමුණුගම බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානයේදී කිතුනු දහම් පාසල් සිසු දරු දැරියන් හා ගුරු දෙගුරුන්ගේ සහභාගිත්වයෙන් , සිංහල අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි .
ජාතික සමගිය හා හෙල සංස්කෘතිය පිළිබඳව කිතුනු පාසල් සිසු දරු දැරියන්ට අවබෝධයක් ලබාදිමේ අරමුණින් සාන්ත නිකුලා දහම් පාසල දේවස්ථාන මිසම් කමිටුව සමග ඵක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි .
ලිප ගිනි මෙලවිම, කිරි ඉතිරවීම , වැඩ ඇල්ලිම , ආහාර අනුභවය , හා හිස තෙල් ගැම, ආදි චාරිත්‍ර අතරට රබන් වැයිම ඇතුළු සංස්කෘතික අංගයන් රැසක් ද, එහිදී පැවැත්විණි .
(මහජන සෞඛ්‍ය ආරක්ෂිත නිතිරිති වලට යටත්ව සිමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති , මෙම අවුරුදු උත්සවයට විශේෂ දේව මෙහෙයකින් පසුව සාන්ත නිකුලා දේවස්ථානයේ මිසම් සේවක නිමල් ජයන්ත විදානආරච්චි පියතුමෝ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කතෝලික පල්ලියට මොනවද මේ වෙලා තියෙන්නේ? පල්ලියේ පත්තු කරන්න ඉටි පන්දම් තියෙද්දී පොල් තෙල් පහන් පත්තු කරනවා? ඒ මදිවට, රබන් ගහන්නත් අරගෙන පල්ලිය වත්තේ? නැකතට කරන චාරිත්‍ර කතෝලිකයන්ට තබා බෞද්ධයින්ටවත් ගැලපෙන්නේ නැහැ. ඕවා හින්දු චාරිත්‍ර. පහුගිය දිනෙක ගණන්කාර හාමුදුරු නමක් හොඳට දොස් කිව්වා කතෝලික පල්ලියට බෞද්ධ සංස්කෘතිය කතෝලික පල්ලියට ආදේශ කර ගැනීම පිළිබඳව. විවිධ ආගම්වලට ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතියක් තිබෙනවා. එහෙම තියෙද්දී, මොනවද මේ කරන විකාර වැඩ? ධර්ම කාරණා පසෙකලා සංස්කෘතිය වැනි සමාජ කාරණා ඉස්මතු කිරීමෙන් ධර්මය යටපත් වෙන බව මොවුන්ට අවබෝධ නොවන්නේ ඇයි? හැම මනුස්සයෙකුටම, හැම ආගමකටම, හැම සංස්කෘතියකටම ගරු කරන මානවයිනුයි මේ ආගමික ආයතන නිර්මාණය කළ යුත්තේ...
දෙවිවරුන්, මනුස්සයින් විසින් හොඳින් ජීවත්වීම සඳහා සොයාගත්ත දේවල්. ඒ කිසිම තැනක වෛරය, ක්‍රෝධය, හිංසාව ගැන ලියවිලා නැහැ.