IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් පෙන්වීම 24 -25

(යොහාන් භාසුර)

බන්ධනාගාරගත රැඳවියන්ට නත්තල් උත්සවය සහ නව වසර  වෙනුවෙන් විවෘතව අමුත්තන් පෙන්වීම සියලුම බන්ධනාගාරවලදී මේ මස 24 සහ 25 දෙදින ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.

බන්ධනාගාර නීතිරිති සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේදී රැඳවියෙක් වෙනුවෙන් ඥති හිතමිතුරන් තිදෙනෙකුට පමණක් අවස්ථාව හිමිවන බවත් ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක් සහ රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් රැගෙන ආ යුතු බවත් ඒ මහතා කීය.

තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන නොඑන ලෙස දන්වන බව කී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා මෙම වැඩසටහනට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් පොලිසිය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සියලුම බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් දුන් බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙම වැඩසටහනේදී රැඳවියන්ට පවුලේ සාමාජිකයන් හෝ හිතවතුන් සමඟ අදාල බන්ධනාගාරයේ විවෘත ස්ථානයකදී කථා කිරීමේ අවස්ථාව සහ ඇතැම් විට ඔවුන් සමඟ කෑම කෑමේ අවස්ථාව ද හිමිවේ. 



අදහස් (0)

බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් පෙන්වීම 24 -25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site