
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැඩ තහනමට ලක් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (9) රාත්‍රි අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසීය
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවෙකුට නිදහස ලබා දුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත
අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්කල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඊයේ (8) දිනද ප්‍රකාශ ලබා ගත් අතර අද (9) ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබියදී ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත
සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කොළඹ අලුත් කඩේ අංක එක අධිකරණය වෙත හෙට (10) ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමර්ශන වල හොඳ ප්‍රගතියක් තියෙනවා. තමන්ගේ අමුඩේ කැත කළේ කවුද කියලා හොයන්න තියෙන මේ උනන්දුවම අර කන්ටේනර් ගැන හොයන්නත් තියෙනවාද?
රාජ්‍ය ආයතන තුළ පවතින දූෂණ හා වංචාවන්ට කදිම උදාහරණයක්...
මොහු පළමු ජනරාල් නොවේවා...! අනෙක් ජනරාල්ටත් මීට දෙවැනි නැහැ.
අනේ පව් මේ මිනිස්සු... ඇත්තටම නුඹලා එල්. බෝඩ් කාරයෝ...
කෝ හිරකරු...?
බලාගෙන ගියාම මෙයත් රජ බඩුවක්...