(යොහාන් භාසුර)

රට මුහුණදී සිටින ඉන්ධන ගැටලුවට පිළියමක් ලෙස බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම නිසා ඉදිරි සෑම බදාදා දිනකම දුම්රිය ධාවනය ඉරිදා දිනයක් ලෙස සළකා ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (17) පැවසීය.

ඒ අනුව බදාදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම අවලංගු කරන තෙක් සෑම බදාදා දිනකම සාමාන්‍ය දුම්රිය ගමන්වාර රැසක් ධාවනය නොකරන බව ද කී ඉදිපොළගේ මහතා බදාදා රජයේ නිවාඩු දිනයක් වීම නිසා මගීන්ගේ සංඛ්‍යාව අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.