IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බදියුදීන්ගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක්

(නිමන්ති රණසිංහ)

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සන්තකයේ තබාගෙන සිටි නවීන වර්ගයේ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් වාට්ටු සෝදිසි කිරීමට පැමිණි අවස්ථාවේදී සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා එම ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට ඇති බවත්, නිලධාරීන් දුටු සැකකරු එම ජංගම දුරකථනය අසල ජනේලයෙන් ඉවතට විසිකර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන ) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

ඒ අනුව බන්ධනාගාරයක් තුලදී සැකකරුවකු ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරදට අදාළව බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව බන්ධ විනිශ්ච මණ්ඩලයක් හමුවට මෙම සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ඔහු සඳහන් කළේය .

සැකකාර හිටපු අමාත්‍යවරයා ජනේලයෙන් ඉවතට විසි කරන ලද ජංගම දුරකථනය නිලධාරීන් විසින් අහුලාගනු ලැබීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා බුද්ධි අංශ වෙත ඉදිරිපත් කර ඇති බවද සඳහන් වෙයි.



අදහස් (7)

බදියුදීන්ගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක්

මහසෙන් Thursday, 02 September 2021 04:36 PM

එයා අතට ඔය දුරකතනය ගිය හැටිත් කීවා නම් වටිනවා

:       0       36

Siri Thursday, 02 September 2021 04:53 PM

එයා විතරද ඔය වැඩේ කළේ..? දුමින්දලා ගාව ජංගම දුරකථන තිබිලා නැද්ද? 

:       13       26

Ruhunu Thursday, 02 September 2021 05:17 PM

ඕවා අහන්නත් දේවල්ද? සමහරවිට කන්‍යාවියොත් ඇති...

:       0       27

Asela Thursday, 02 September 2021 07:34 PM

හිර කූඩුවේ ජනේල තියෙනවද. තව ටික දවසකින් කියයි බදුර්දීන් ජනේලය කඩාගෙන පැනල ගිහින් තියෙනවා කියලා

:       0       9

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 September 2021 07:42 PM

මොහු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන නිසාත්, මොහුට ඇති වරප්‍රසාද නිසාත්, මොහු නිතරම ආරක්ෂා වෙනවා. කෝ ආණ්ඩුවේ පම්පෝරි කතා විතරනේ. මොහුට තවමත් හරිහමන් දඬුවමක් දුන්නාද ? තව මොනවා කළත්, ඔච්චර තමයි.

:       1       5

lanka Saturday, 04 September 2021 10:17 AM

බයියන් චූන් කිරීමට තවත් කෙටි නාට්‍යයක්.

:       1       1

fairoos Sunday, 05 September 2021 01:05 PM

හා එහෙමද? එයා එනකොට අරන් ඇවිල්ලා ඇතිනේ... විකාර.. මිනිස්සුන්ට මෙහෙ කන්න නැහැ. රිෂාඩ්ගේ කේස් එක තමයි වැදගත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site