
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම තීරු බදු පැනවීම හමුවේ රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරිණි.
එමෙන්ම ලබාගත හැකි සහන පිළිබඳ ශ්‍රී ලංකා රජය හැකි ඉක්මණින් එක්සත් ජනපද රජය සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
කමිටුව නියෝජනය කරන ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඒ. විමලනෙත්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඔමාර්, මාස් හෝල්ඩිංග් සම නිර්මාතෘ ෂෙරාඩ් අමලීන්, හෙලිස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ආනන්ද කල්දේරා යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්වූහ.
එමෙන්ම මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පචවංශට, රිලාසිරියාට, ගොම්මන්පිලයාට දැන් නින්ද යයි. කයිවාරු ගැහැව්වේ හරියට තීරුබදු පැනවූයේ අපේ රටට විතරයි කියලා හිතාගෙන .. රටවල් ගණනාවකට තීරු බදු පැනවු බවවත් නොදන්නා මොලේ උඩ ඉන්න අය...
රටවල් ගණනාවක් දැනටමත් ඔවුන්ගේ වැඩපිළිවෙල කියලා තියෙනවා, ඇතැමුන් සාකච්ඡා කරලාත් ඉවරයි, ඇතැම් රටවල් මේ ප්‍රශ්නයෙත් ගැලවිලාත් ඉන්නවා, අපේ මෝඩ කම්මැළි යක්කු ටික සාකච්ඡා කරන්න හදනවා කියනවා. මොවුන්ට බලය දීලා අපේ රටට වෙච්චි විපත්තියක්..
AKD රජය හීනෙන් බය වෙලා වගේ අවදි උනාම, ට්‍රම්ප් කාරයා ශ්‍රී ලංකාවට ගහපු බද්ද සීයට 44 ක් බවත්, එය ඇමරිකානු බදු වැඩිකිරීම් අතරින් දෙවැනියට කප් ගහපු රට බවට පත්වී ඇති බවත් දැක තක්බීර් උනා !!( ට්‍රම්ප් මැතිවරණ වෙදිකා වලදී ආනායික භාණ්ඩ සදහා අධික බදු වැඩිකිරීම් කරන බව පුන පුනා කීවත්, ශ්‍රී ලංකා රජයන් එම තර්ජනයන් පිච්චියකට මායිම් කලෙ නැත. බදු වැඩි කිරීමෙ අනතුරු ඉව වැටුණු බොහෝමයක් රටවල් එදා සිටම සාකච්ඡා මගින් එය අවම මට්ටමකට ගෙන ඒමට කටයුතු කලා. හරිනි රජයේ මැති ඇමතිවරු බදු වලට එරෙහිව යුධ ප්‍රකාශ කරන්නට කැහිපට ගහමින් ඉන්නා විට අපට කියන්න තිබෙන්නේ එකම දෙයයි : ITS TOO LATE ! ! !
කයියනායකට කියන්න කෝල් එකක් අරගෙන කෙළින්ම කතා කරන්න කියලා. ටැක්ස් පිළිබඳව. ට්‍රම්ප් සිංහල දන්නවා.
මතක් කරලා Lamkaliwa යවන්න. තවත් කවුරුහරි ඕනෙ නම් මේවාට කමෙන්ට් දාන්න – චතුරි හරි, කෞෂි හරි, බද්‍රාණිව හරි යවන්න.