
(අංජුල මහික වීරරත්න)
ඇමරිකාව පැන වූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (7)ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය හමු විය.
විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම අවධානයට යොමු විය.
2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිණි
මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා,ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා සහ යුරෝපා හා උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
July 7
ජුලිට කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ , ජුලි චන්ග් යනු මේ ප්‍රශ්නෙදි පණිවිඩ කරුවකු පමණි ,ට්‍රම්ප් පරිපාලනය කෙලින්ම අහවි ඔබලාගේ වෙළඳ පලට එන අපේ නිෂ්පාදන ඔබල බදු අඩුකරන්න සුදානම්ද ? ඒ කුමන ප්‍රතිශතයෙන්ද කියල ?
වැඩක් නැහැ මල්ලි. ජුලි චන් තියා සක්කරයා කිව්වත්, ට්‍රම්ප් කරන්නේ එයාට ඕන කියලා හිතෙන දේ . ජුලි චන්ලා සේරම අසරණයි. ඇමරිකානු කොංග්‍රස් එකත් හෝල්මන් වෙලා බලාගෙන ඉන්නේ මේ වෙලාවේ. රනිල් අඹරපු ගැටේ නිසා අපට ආනයන බදු ඩු අඩු කරන්නත් බැහැ. වෙනදා නම් මේ වගේ උනාම සියල්ල දත් වගේ රනිල් දන්න අඳුනන මාධ්‍ය කාරයෝ අල්ලගෙන ප්‍රකාශයක් දායි. මෙදා පාර නැත්ට අකුලගෙන හැංගිලා
මාර speed එකකින් තමා මාළිමාව ක්‍රියාත්මක වෙන්නේ !!!
තානාපතිතුමිය ඉතින් ඔවුන්ගේ රජයේ නියෝජිත පමණයි, තීන්දු ගැනීමේ බලයක් නැහැ. ඇඟලුම් කර්මාන්තයේ පතාක යෝධයෙක් වන කර්මාන්තකරුවෙක් කිව්වා මේ බද්දෙන් පෙන්වන්නේ ආර්ථිකය කළමනාකරණය සම්බන්ධයෙන් අපේ රජයේ නොහැකියාව කියල. මොකද මේ ප්‍රවෘත්තිය අලුත් එකක් නෙවෙයි. ට්‍රම්ප් අවුරුදු ගානක ඉඳන් කිව්වා, ඔහුගේ ඡන්ද ප්‍රචාරක වැඩ පිලිවෙලේදීත් කිව්වා. එත් අපේ ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ, අපේ ආණ්ඩුවට රිලවු ගණන් කරන්න පොලිස්පති අල්ලන්න වගේ ජෝක් වලට නම් කාලය තිබ්බා. මාස 6ක් නිකරුනේ නාස්ති කළා.
යටත් විජිත බය වෙලා
ලෝකයේ බොහො රටවල් වලට එරෙහිව පනවා ඇති මේ තීරු බදු ප්‍රතිපත්ති පිලිබදව ලංකා රජයට ඇමරිකානු රජය සමග සාකච්ජා කරලා විසදුමකට එන්නත් එසේ නොවුවහොත් විකල්ප ක්‍රියාමාර්ගයට යාමට සූදානම් බවට ජනාධිපතිවරයා ඊයේ ගාල්ලේ පැවති රැස්වීමකදී පැවසුවා. ඇත්තටම රටට බුද්ධිමත් නායකත්වයක් ලැබිලා තියෙන නිසා රටට සහ ජනතාවට පීඩාවක් නොවන ආකාරයට මේ ප්‍රශ්නයට විසදුමක් ලැබෙනු ඇති බවට බහුතරය විශ්වාස කරනවා.
බුකින් ඩොට් කොම් අයින් කරනවාද
ඇමරිකාව ඇතුලු බටහිර රටවල් නැතිව පුලුවන් කියල නේ ඒ කාලේ කිව්වෙ. අපි වැඩියෙන්ම විදේශ විනිමය හොයල තියෙන්නේ ඇමරිකාව සහ බටහිර රටවලින්. ඒක අවබෝධ කරගන්නවත් අගය කරන්නත් බැරිවුනා.