IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බුදු දහම විමුක්තිකාමී සාධාරණ සමාජයකට මග පෙන්වාවි



(සුජිත් හේවාජුලිගේ)

බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ  ප්‍රදීපස්ථම්භයක් සේ මග පෙන්වනු ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා පවසයි.

ඔහු මෙසේ පවසන්නේ වෙසක් උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ මෙසේද සඳහන්වේ

ලොව පැරණිතම ආගමික දර්ශනයක් වන ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනය හඳුන්වාදුන්, ගෞතම බුදුන්වහන්සේගේ ජීවිතයට අදාළ තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය අදට යේදී තිබේ. ජාත්‍යන්තර වශයෙන් ද ආගමික සංස්කෘතික දිනයක් ලෙස වැදගත් අද දිනය ශ්‍රී ලාංකිකයින් ලෙස අපට අතිශයින්ම වැදගත් වන්නේ අප රටේ සමාජීය සංස්කෘතික මූල පද්ධතිය බුදු දහමේ සාර ධර්ම ඔස්සේ පෝෂණය වී ඇති නිසාවෙනි.


ක්‍රි.පු හයවන සියවසේ දී එවකට දඹදිව් තලයේ පැවති සමාජීය විෂමතා හමුවේ පීඩනයට පත් වූ සමාජ කණ්ඩායම්වලට පංති, කුල, ගෝත්‍ර බේද පසෙකලා සංහිදියාව, අවිහිංසාව වගේම සමානාත්මතාව ඇසුරෙන් තම අධ්‍යාත්මික වගේම සමාජීය විමුක්තිය සොයා යන මාර්ගය උන් වහන්සේගේ ධර්මය තුළ පෙන්වා දුන්නේය.


වත්මන් සංකීර්ණ සමාජ දේහයේ පවතින බොහෝ අර්බුද සඳහා සාඵල්‍යදායි විසදුම් සෙවීමේ මාර්ගය මෙම බුදුන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනය තුළින් වැටී ඇති බව මම විශ්වාස කරමි. 

 එසේ වුව ද අද අපගේ සංකීර්ණ ගති පැවතුම් සහිත සමාජීය ජීවිතයෙන් ඇති කරණු ලබන තත්ත්වයන් මත බුදුන් වහන්සේ විසින්  දේශනා කළ එම ධාර්මික ආධ්‍යාත්මික මාර්ගය වෙතටත්, එම ශ්‍රේෂ්ඨ දර්ශනය වෙතටත් සමීප වීමේ මාර්ගයන් ඇහිරි ඇත. එම තත්ත්වයන් මත අපගේ බෞද්ධ සැදැහැවතුන්ට පවා බුදු දහමින් පෝෂිත දිවියක් ගත කිරිමට බාධාවන් රැසක් උද්ගත වී තිබේ. 

ඒ සදහා සුදුසු සමාජිය, දේශපාලනික වගේම යහපත් සංස්කෘතික පරිසරයක් සැදීමේ වගකීමක් ද අප සතුවන බවට අප විශ්වාස කරන්නෙමු.


එම නිසා බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් අප රටේ ද ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ අප හමුවේ ප්‍රදීපස්ථම්භයක් සේ මග පෙන්වනු ඇත. ඒ අනුව අප මහා ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ ඒ ආධ්‍යාත්මික විමුක්තිය වගේම මෙලොව සමාජීය විමුක්තිය ද සමාජයක් ලෙස අපට ළඟා කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින්,  අද දින වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මාගේ සුබ පැතුම් එක්කරමි.



අදහස් (0)

බුදු දහම විමුක්තිකාමී සාධාරණ සමාජයකට මග පෙන්වාවි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25913 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18155 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10863 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 599 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 176 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site