(යොහාන් භාසුර)
බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මෙම වසරේ සියයට 10 කින් පමණ වර්ධනය වී ඇති බවත් ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන සිට 81,909 දක්වා ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා පැවසීය.
පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති බවත් පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට 500,196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.
සියලුම බදු කාණ්ඩවලට ලියාපදිංචි වීම කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ද දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් බදු නොගෙවා සිටි වංචනිකයින් සහ මොවුන් ගැන සොයා නොබැලූ දේශීය අදායම් දෙපාර්තමේන්තුව ගැන කවර කතාද?
මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා සහ නියෝජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහත්වරුන්ට, කොපමණ බදු ලිපිගොනු විවුර්ත කළත්, නවීන කම්පියුටර් තාක්ෂණය ගෙනාවත්, මේවා තක්සේරු සහ පරීක්ෂා කරන්නේ හොරුනම් ඵලක් තිබෙනවාද? දැන් කළ යුත්තේ බදු ඉහළ දැමීම නොව, ආදායම් බදු නිලධාරීන් විසින් තක්සේරු කරන මෙම ලිපිගොනු අහඹු ලෙස නැවත සමීක්ෂණය සඳහා ජාත්‍යන්තර විගණන සමාගම් කිහිපයකට බාර දෙන එක, එහෙම කළොත් මෙම හොරකම්, දූෂණ එළිවෙන නිසා නිලධාරියෝ අකුරට වැඩේ කරාවි... රටේ බදු අදායම වැඩි වේවි, අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, බෙහෙත් වැනි දේවල් වලට ගහන බදු අඩුකර ජනතාවට සහන දෙන්න පුළුවන් නේද? මගේ මේ යෝජනාව පිළිබඳව ඔබලාගේ අදහස රටට හෙළි කරන්න...