(සුජිත් හේවාජුලිගේ )
ජනතාවගෙන් අය කරන බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාවට මාස් පතා සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
රජය අය කරන බදු වියදම් කරන ආකාරය ගැන ජනතාව තුළ පැහැදිලි විශ්වාසනීයභාවයක් ගොඩනැගී නැති හෙයින් ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඇති කිරීම සඳහා මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කාලෝචිත බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එවැනි විනිවිදභාවයක් ඇති කරනු ලැබුවහොත් ජනතාව මීට වඩා බදු ගෙවීමේ ක්‍රමවේදයට අනුගත වනු ඇතැයි තමාගේ විශ්වාසය බවද ප්‍රකාශ කළේය.
පුවත්පත් දැන්වීමක් හෝ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මගින් හෝ බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාව දැනුවත් කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදු ගැන මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්
sunitha Wednesday, 03 January 2024 01:01 PM
ඒ වගේම ඒ වියදම් වල ඵලදායි බව පැහැදිලි කළ යුතුයි. අධ්‍යාපනයට සෞඛ්‍යයට අච්චර මෙච්චර දැම්මා කියලා ඇඟ බේරා ගැනීමට ඉඩ නොදිය යුතුයි. උගන්නන්න ටියුෂන් යවන්න වෙනවා නම්, බෙහෙත් ගන්න චැනල් කරන්න වෙනවා නම් ඒවාට දාන බදු සල්ලි වලට සාධාරණයක් ඉටු වෙනවාද? ආරක්ෂක වියදම් කියන්නේ තවත් ගසා කෑමක්. වියදම් අසමතුලිතයි. එය ඇති කලේ පහුගිය කාලේ තිබුණු හමුදා උණ...!
මැක්ස් Wednesday, 03 January 2024 02:32 PM
මන්ත්‍රීතුමාගේ අදහස හොඳයි. නමුත් දෙමාපියන්ගේ ටියුෂන් උණ, හෙම්බිරිස්සාවටත් විශේෂඥ දොස්තරලා ළඟට යන එක වගේ මේ සිරි ලංකාවේ මැද පන්තියේ මිනිස්සු ළඟ තියෙන රෝග හොඳකරන එක නම් බොරු සුනීත. ඒ වගේම ඔයාටත් රණවිරු ඇලජික් එක තියෙනවා වගේ. ඕවා ජේපී ගති ලක්ෂණ...
nimalWednesday, 03 January 2024 07:08 PM
ජනතාවගෙන් අය කරන බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාවට මාස් පතා සම්පූර්ණ වාර්තාවක් අවශ්‍ය නම් ඔබත් රටේ පුරවසියනුත් දන්නා පරිදි ලබාගත් ලබාගන්න බදු මගින් සිදුකරනු ලබන්නේ: දේශීය වසයෙන් සහ ගෝලීය වසයෙන් ලබාගත් නය ගෙවීමට, නොමිලයේ අද්යපනයට ( නිල ඇදුම් පොත්, දිවා ආහාරය, සමස්තයක් වසයෙන් නොමිලයේම ලබෙනාවූ සවුක්ය සේවයට,( රෝගීන් පරික්ෂාව, නොමිලයේ බෙහෙත්, සේවක වැටුප් රෝගීන් සදහා යොදා ගන්න සියලු උපකරණ ) පොලිසිය ත්‍රිවිද හමුදාව,( අහාර පාන නිල ඇදුම් සහ වෙනත් ) අදායම් නොලබන රාජ්‍යයත සේවකයන්ගේ වැටුප් සහ රජය අය කරන බදු වියදම් කරන ආකාරය ගැන ජනතාව තුළ පැහැදිලි විශ්වාසනීයභාවයක් ගොඩනැගීමට පෙර 225ගැන තීන්දුවක් ගතයුතු බව මහජන මතය වේ
Rohana. Wednesday, 03 January 2024 02:07 PM
එහෙම කළොත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නාස්තිකාර වියදම් අහුවෙනවානේ...!!!
බණ්ඩාර Wednesday, 03 January 2024 02:12 PM
හොඳ අදහසක්...!
Lalla Wednesday, 03 January 2024 02:51 PM
එතකොට කොහොමද කොමිස් පගා පැහැදිලි කරන්නේ..?