(සුජිත් හේවාජුලිගේ )
ජනතාවගෙන් අය කරන බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාවට මාස් පතා සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
රජය අය කරන බදු වියදම් කරන ආකාරය ගැන ජනතාව තුළ පැහැදිලි විශ්වාසනීයභාවයක් ගොඩනැගී නැති හෙයින් ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයක් ඇති කිරීම සඳහා මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම කාලෝචිත බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එවැනි විනිවිදභාවයක් ඇති කරනු ලැබුවහොත් ජනතාව මීට වඩා බදු ගෙවීමේ ක්‍රමවේදයට අනුගත වනු ඇතැයි තමාගේ විශ්වාසය බවද ප්‍රකාශ කළේය.
පුවත්පත් දැන්වීමක් හෝ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මගින් හෝ බදු මුදල් වියදම් කරන ආකාරය ගැන ජනතාව දැනුවත් කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම ඒ වියදම් වල ඵලදායි බව පැහැදිලි කළ යුතුයි. අධ්‍යාපනයට සෞඛ්‍යයට අච්චර මෙච්චර දැම්මා කියලා ඇඟ බේරා ගැනීමට ඉඩ නොදිය යුතුයි. උගන්නන්න ටියුෂන් යවන්න වෙනවා නම්, බෙහෙත් ගන්න චැනල් කරන්න වෙනවා නම් ඒවාට දාන බදු සල්ලි වලට සාධාරණයක් ඉටු වෙනවාද? ආරක්ෂක වියදම් කියන්නේ තවත් ගසා කෑමක්. වියදම් අසමතුලිතයි. එය ඇති කලේ පහුගිය කාලේ තිබුණු හමුදා උණ...!
එහෙම කළොත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නාස්තිකාර වියදම් අහුවෙනවානේ...!!!
හොඳ අදහසක්...!
එතකොට කොහොමද කොමිස් පගා පැහැදිලි කරන්නේ..?