(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බදු අහෝසි කළොත් රුපියල් බිලියන එකසිය හැට තුනක් රටට අහිමි වන බවත් මේ අවස්ථාවේ එය කරන්නට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.
"මට අවශ්‍ය ජනප්‍රිය වන්න නොවේ. රට වැටී ඇති තත්වයෙන් ගොඩ එන්නයි. මා රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. එහි සත්‍ය තත්ත්වය තව වසර දෙක තුනකින් ජනතාවට තේරේවී.
අප බදු පැනවූයේ කැමැත්තෙන් නොවේ.අප කැමති කැමැති වූ දේ කළ පමණින් රට ගොඩනගන්නට බැහැ.උපයන විට බද්ධ අහෝසි කළ හොත් රටට බිලියන සීයක් අහෝසි වෙනවා.අහිමි වන සම්පුර්ණ මුදල රුපියල් බිලියන එකසිය හැට තුනක් වෙනවා .මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක අපි නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට කියන දෙය තේරෙන්නේ නෑ .මිනිස්සු අල්ලන්නේ බදු අහෝසි කරන්න නෙවී .මේ බදු ක්‍රමය වෙනස් කරන්න කියලයි
36% බදු බරක් මිනිස්සුන්ට පටවන්න මිනිස්සු කරපු වැරැද්ද මොකක්ද ?
රාජපක්ෂ පවුල දිනවපු එක.
36% ක් බදු කැපුනා නම් මාසික ආදායම කොපමණද? ඔබ ලොකු ධනපතියෙක් බවට සැකයක් නැත. ලොකු බද්දක් ගැන කියන මිනිස්සු ඒ කොපමණ ආදායමකට දැයි සගවයි.
මහජන ඡන්දයකුත් නැතිව පිනට ජනාධිපතිකම් අරගෙන තමන්ගේ වුවමනාවෙන්ම රටේ මිනිසුන්ට කිසිසේත් දැරිය නොහැකි බදුබරක් පැටවීමේ කිසිදු සාධාරණයක් නැත. ඒ නිසා ඔබට රට ගෙනියන්න බැරිනම් ජනතා කැමැත්තෙන් සුදුසු කෙනෙක් පත්කර ගැනීමට වහාම ජනාධිපතිවරණයක් සමග මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමු. එයට හේතුව මේ වනවිට ජනමතය බොහෝ ලෙස වෙනස්වී තිබීමයි.
මේ කාලකණ්ණින් රට තවත් අරාජික කරන්නයි යන්නේ...
වැරැද්ද සෞභාග්‍යය වෙනුවෙන් ඡන්දය දීපු එක.
rangana මිනිස්සු කරපු වරද තමා වාසි බලාගෙන රාජපක්ෂ පවුල තුනෙන් දෙකෙන් දිනවීම. පිටරටින් ණයට අරගෙන රජයේ රැකියා දෙනකොට පඩි වැඩි කරනකොට රාජපක්ෂලා දෙවිවරු වගේ. ණය නැවතුන දාක තමන්ගෙ රැකියාවටයි පඩියටයි කෙලවෙනව කියල දුරදිග හිතුවෙ නෑ..
රාජපක්ෂලාගේ ණය අපේ අතින් ගෙවීමේ තියරිය.