IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බැතිමතුන්ගේ සාඳුනාද මධ්‍යයේ සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි

(රංජිත් රාජක්ෂ,ගාමිණි ඉලංගන්තිලක,අජිත්ලාල් ශාන්ත උදය සහ ලසන්ත නිරෝෂණ)

කොරෝනා නව සෞඛ්‍ය හුරුපුරුදුවලට මූලිකත්වය දෙමින් අදට යෙදි ඇති උඳුවප් පුන් පෝය දිනෙන් ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්,බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ වැඩම කරවු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුව වෙත වඩම්මවා චාරිත්‍රානුකුලව ශ්‍රි පාද පද්මය අද උදැසන යෙදුණු සුභ නැකතට අනුව දෝවනය කිරිමෙන් අනතුරුව වැඩම්ම වු සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පසු තැන්පත් කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරිණ.

ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කලපති, සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මධින්න නායක හිමියන්ගේ ප්‍රධානතවයෙන් උන්වහන්සේගේ උපදෙස් හා අනුශාසනා මධ්‍යයේ  මහා සංඟරත්නය සෙත් පිරිත් සජ්ජායනා  මධ්‍යයේ ශ්‍රීපාද පත්මය සුවඳ පැණින් දෝවනය කිරීම සිදු කෙරිණි. අනතුරුව බැතිමතුන්ගේ සාඳුනඳ මධ්‍යයේ ප්‍රථම ශ්‍රීපාද පුෂ්ප පූජාව පැවැත්විණි.

ශ්‍රීපාද උඩ මළුව වෙත පැමිණ සිටි ප්‍රථම ශ්‍රීපාද වන්දනා නඬයේ සාඳුනඳ මධ්‍යයේ  ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාද උඩ මළුවේ පිහිටි සමන්දේවාලයේ තැන්පත් කිරිම සුභ නැකත් අනුව  සිදු කෙරීමෙන් අනතුරුව මෙවර  ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ විය.

නිරෝධායන මාර්ග උපදෙස් පිලිපදමින් හැටන් මාර්ගයේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කල පළමු දිනයේ බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණ සිටිහ.

හැටන් නගරයේදි සමන් දේව පෙරහැරට නිරෝධායන උපදෙස් වලට අනුකුලව වන්දනා මාන කර ගැනිමට විශාල පිරිසක් නගරයට පිවිස සිටිහ.

ඡායාරූප ලසන්ත නිරෝෂණ

 

 



අදහස් (9)

බැතිමතුන්ගේ සාඳුනාද මධ්‍යයේ සිරිපා වන්දනා සමය ආරම්භ වෙයි

Nisanka Saturday, 18 December 2021 12:09 PM

ශ්‍රිපාද වන්දනාවේ ගැසට් එකත් රිවස් කරයිද මන්දා, මගක් නගිනකොට...

:       94       6

abSaturday, 18 December 2021 06:56 PM

සිරිපා වන්දනා සමය ආරම්භ කළයුතුව තිබුනේ ඉතාම සීමිත පිරිසකගේ සහබාගීත්වයෙනි. එන්නත් දෙකම ලබා තිබුණද නිරෝධායන මාර්ග උපදෙස් නිසි ආකාරයට පිළිනොපදින බව ඡායාරූපවලින් පෙනෙන්නට තිබේ...

:       0       2

Nisanka Saturday, 18 December 2021 01:42 PM

ශ්‍රී පාද වන්දනාවේ ගැසට් එකත් රිවස් කරයිද මන්දා..., මගක් නගිනකොට...

:       35       5

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 18 December 2021 01:54 PM

සාදූ .. සාදූ .. සාදූ .. සම්බුදු සිරිපා ... වඳිනෙමු බැතියෙන්.

:       4       39

පිටිගල මිලානෝ Sunday, 19 December 2021 02:40 AM

සිරිපාදේ බලයෙන් කෝවිඩ් වුවදුර නවතියිද..?

:       1       1

පිටිගල මිලානෝ Saturday, 18 December 2021 03:25 PM

ආයෙත් ලොක්ඩවුන් එකකට සහ විශාල මරණ ගනනකට මුලක්....

:       48       5

සත්‍යපාල Saturday, 18 December 2021 04:28 PM

එහෙම වෙන්නේ කොහොමෙයි මිලානෝ...? දිසාපති තුමිය කිව්වනේ එන්නත් කාඩ්පත නැත්නම් යන්න දෙන්නේ නැහැ කියලා...

:       2       30

Saman Sunday, 19 December 2021 07:07 AM

මෝඩයින් වැඩිවෙන තරමට පූජකයින්ගේ කල්ල මරේ...

:       1       1

Bunny Preena Monday, 20 December 2021 12:19 PM

වන්දනාවේ යන අයගෙන් වැඩි කට්ටියගේ ශ්‍රද්ධාවයි ,භක්තියයි තියෙන්නේ කටේ විතරයි.හදවතේ නැහැ.බොහෝ දෙනෙකු ට යන්නම් වාලේ යන නිකන් ජොලියට යන ගමනක් වෙලා තියෙන්නේ.නැතිනම් නීති දාන්න ඕනේ නැහැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site