IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බිත්තර නිෂ්පාදකයන් නම්‍යශීලී නම් ආනයනය නතර කරනවා

(යොහාන් භාසුර)

දේශීය බිත්තර නිෂ්පාදකයන් නම්‍යශීලීව සැළකිය යුතු ලෙස බිත්තර මිල පහළ දැමීමට කටයුතු කළහොත් බිත්තර ආනයනය නතර කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේ නොවුණ හොත් මෙරට නිෂ්පාදනය කරන බිත්තර ප්‍රමාණය සහ වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර ප්‍රමාණය සොයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු වැනි ඊට අදාළ සියලු රජයේ ආයතනයන්හි අධීක්ෂණය යටතේ බිත්තර ආනයනය නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිරියට ගෙන යන බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කීය.

 



අදහස් (8)

බිත්තර නිෂ්පාදකයන් නම්‍යශීලී නම් ආනයනය නතර කරනවා

අරවින්ද මොනරවිල Tuesday, 01 August 2023 08:07 AM

නවත්වන්න එපා... එතකොට නුඹලාට කොමිස් එක නැතිවෙනවනේ, රට විනාශ කරන්න ආව අපරාධකාරයින්...

:       0       0

Kukulsena Tuesday, 01 August 2023 09:00 AM

බිත්තර ඇමැතිගේ මූණත් බිත්තරයක්... කොහොම නමුත් අපි වෙනුවෙන් ඇමැති කෙනෙක් ඉන්නවා. නමුත් කුකුල් කෑම ගැන බලන්නේ නැහැ. අපේ ඉපදෙන්න ඉන්න ළමයි ඔම්ලට් දානවා, තම්බනවා, බදිනවා... කාලකණ්ණි ...

:       0       0

කිරිපුතා Tuesday, 01 August 2023 09:21 AM

එයාලා දේශපාලනය කරනවා ඇති එතැනත්. හැබැයි ඉල්ලගෙන කන වැඩක් තමයි වෙන්නේ. රටේ නිෂ්පාදනය ටික ටික අඩපණ වෙලා යයි. එහි ආදීනව භයානකයි.

:       0       0

sakalabujan Tuesday, 01 August 2023 09:30 AM

අපේ රටේ සිදුවෙන තවත් අමුම අමු කුහක සහ ගොන් වැඩක් තමයි මේ. රටේ අනෙක් හැම දෙයක්ම මිල තුන් හතර ගුණයකින් ඉහළ ගිහින් තියෙද්දී බිත්තර, පොල්, සහල් වගේ දේවල නිෂ්පාදන මිල විතරක් ඉහළ නොයා තියෙන්නේ කොහොමද? අනික මේ අදාල ගොවීන්ට කඩවල් වලින් පැරණි මිලට බඩු විකුණන්නේ නැහැනේ. ඉතින් ඒ මිනිස්සුන්ගේ අදායම ඉහළ යායුතු නැතිද? නැත්නම් ඒ අය කොහොමද ජීවත් වෙන්නේ? හැමදාම බිත්තරයක් රුපියල් 10ට, හාල් කිලෝව රු 50 ට, පොල්ගෙඩිය රු 25ට තියාගන්න ඕන කියලා ආත්මාර්ථකාමී ලෙසම හිතන්නේ ඇයි? මෙන්න මේ ගොන් අදහස් නිසා තමයි අපේ රටේ ගොවියා හැමදාම හිඟන තත්වයට වැටෙන්නේ....!

:       0       0

Prase Tuesday, 01 August 2023 10:03 AM

මෙයා එකඑක බයිලා ගහනවා., ගේනවා කිව්වා නම් ගේන්න ඕනෑ. දැන් නම්‍යශීලී කම හොයනවා. නිකන් පීචන් වෙනවා.

:       0       0

පැරකුම් Tuesday, 01 August 2023 12:27 PM

බිත්තර නිෂ්පාදනයට කිසිඳු රාජ්‍ය අනුග්‍රහයක් නැතිව කොහොමද නම්‍යශීලි වෙන්නේ...?

:       0       0

sam Tuesday, 01 August 2023 01:15 PM

නැහැ... ආනයනය කරලා කොමිස් ගහන ගමන් දේශීය නිෂ්පාදකයින් මරාදාපල්ලා. ඒක තමයි ලංකාවේ දේශපාලකයින්ගේ හැටි... ඡන්ද ගන්නකොට වැඩගන්න එන අය..., බලය ලැබුණට මේ අය තමයි ලොක්කෝ.. වරෙල්ලකෝ..!

:       0       0

Bamunuarachchi Wednesday, 02 August 2023 12:25 AM

බිත්තර නිෂ්පාදකයා ගැන හිතන්න එපා බිත්තර කන මිනිස්සු ගැන හිතලා බිත්තර ගෙන්වන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site