(කේෂර ගුණතිලක)

මොනරාගල නක්කල පාලම හංදිය ප්‍රදේශයේ නිවෙසක ඇතුළු වූ ආරවුලක් අතර තුර බෑණා  එල්ල කළැයි කියන තියුණු ආයුද පහරකින් නැන්දම්මා මියගොස්, බිරිය තුවාල ලබා ඇතැයි මොනරාගල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ නක්කල  මනමෙන්ද්‍ර පටබැඳිගේ පුෂ්පා කුමාරි (44) නැමති කාන්තාවකි.

බරපතළ තුවාල ලැබූ බිරිඳ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අසාධ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පවුල් ආරවුලක් නිසා ඇති  වූ බහින් බස්වීමක් හේතුවෙන් පිහි ඇනුම සිදුව ඇතැයි පොලිසිය කියයි. 

සැකකාර බෑනා මොනරාගට බාර වීමෙන් පසු  අත්අඩංගුවට ගෙන ඇත.