
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය මංඩලකුඩාව ප්‍රදේශයෙ වගාබිමක බටානා සොරා ගත්තැයි චෝදනා කරමින් වතු හිමිකරු හා සේවකයකු 14 හැවිරිදි කුඩා දරුවකුට අමානුෂීක ලෙස පහර දීමේ චෝදනාවට අදාල සැකකරුවන් කල්පිටිය පොලිසිය විසින 30 දින සවස අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවෙකු බව කියයි.
පහර කෑමට ලක්වු දරුවා හා තවත් දරුවන් දෙදෙනෙකු 30 දින සවස මංඩලකුඩාව කලපුවේ මට්ටි අල්ලමින් සිට නැවත මෙම වගා බිම ආසන්නයෙන් ගමන් කරමින් වතු හිමිකරු හා සේවකයකු දරුවන් වෙත කඩා වැදි තෝපි බටානා සොරකම් කලා නේදැයි විමසමින් බැන බැදි ඇති බව කියයි.
ඒ වන විටත් මෙම දරුවන් කලපුවේ මට්ටි අල්ලමින් සිටි බවත් බටානා සොරකම් නොකල බවත් දරුවන් දිවුරමින් වතු හිමියාට පවසා තිබේ.
නමුත් තම ඉඩමේ දිගින් දිගටම බටානා සොරකම සිදුවන බවත් එයට මෙම දරුවන් සම්බන්ධ බව පවසමින් දරුවන්ට පහර දීමට එකවර කඩා පැන තිබේ.
ඒ අතර වාරයෙ දරුවන් තිදෙනාගෙන් දරුවන් දෙදෙනෙකු මෙම වතු හිමිකරුගෙන් හා සේවකයාගෙන් ගැලවි දිව ගොස් ඇතත් අනෙක් දරුවා මොවුන් දෙදෙනා විසින් අල්ලා ගෙන පහර දී ඇති බව පොලිසිය කියයි.
දරුවකු විලාප තබන හඩ ඇසි අසල්වැසියන් සෝදිසි කිරීමේදි මෙම වතු හිමියා හා සේවකයා විසින් දරුවාට අමානුෂීක ලෙස පහර දෙනු දැක අසල්වැසි පිරිස් වහාම එම ස්ථානයට ගොස් වතු හිමියාට හා සේවකයාට බැන වැදි දරුවා බේරා ගෙන දරුවාගෙ මව්පියන් දැනුවත් කර ප්‍රතිකාර සදහා කල්පිටිය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් මෙම සිද්දියෙන් බියට පත්වි දිව ගිය දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු නිවසට ගොස් තිබුනද අනෙක් දරුවා 30 දින රාත්‍රි වන තුරු නිවසට පැමින නැති බව පොලිසියට පැමිනිලි කර තිබේ.
පසුව ප්‍රදේශවාසින් දරුවා සොයා ඇති අතර බියට පත්වු දරුවා කුඩා කැලැවක රැදි සිටියදි සොයා ගෙන මව්පියන්ට භාර දී ඇති බව කියයි.
සිද්දිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුන සැකකාර වතු හිමිකරු හා සේවකයා 31 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බටානා වත්තට පැන්නැයි ළමයෙක්ට ගහලා