IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බීජිං සම්මුතියට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාලව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස නීති පැනවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මරණයක්, බරපතල ශාරීරික තුවාල කිරීමක් හෝ බරපතල හානියක් සිදු කිරීම සඳහා සිවිල් ගුවන් යානාවක් භාවිත කිරීම, යම් කිසි ජෛව විද්‍යාත්මක, රසායනික භෝ න්‍යෂ්ටික අවියක් හෝ ද්‍රව්‍යයක් මුදා හැරීම සඳහා සිවිල් ගුවන් යානාවක් භාවිත කිරීම, යම් කිසි ජෛව විද්‍යාත්මක, රසායනික හෝ න්‍යෂ්ටික අවියක් හෝ එවැනි සමාන ද්‍රව්‍යයක් ගුවන් යානාවක් තුළ හෝ සිවිල් ගුවන් යානාවකට එරෙහිව භාවිත කිරීම වැනි ක්‍රියාවන් අපරාධ වශයෙන් නම් කරමින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාළව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය ( බිජිං සම්මුතිය, 2010) 2010-09- 10 දින බීජිංහි පැවති ගුවන් නීතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී සම්මත කර ගනු ලැබ ඇත. 

එවැනි අපරාධ දැනට මෙරට බලාත්මක 1996 අංක 31 දරන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වල නිරුපද්‍රිත භාවයට එරෙහි නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමේ පනතේ විධි විධාන වලින් ආවරණය නොවන බැවින්, බීජිං සම්මුතිය බලාත්මක කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022-05-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

 එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වන පරිදි වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

බීජිං සම්මුතියට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site