ඉන්දියාවේ බෙංගලූර් නුවර, පාසල් 13 ක් බෝම්බ බියකින් කැලැඹිණි.
පාසල් පරිශ්‍රය තුළ බෝම්බ ඇතැයි, පාසල් විදුහල්පතිවරුන්ට අනතුරු ඇඟවීම් ලැබී තිබුණේ උදෑසන පාසල් ආරම්භ වීමෙන් පසු ඊමේල් පණිවුඩ මගිනි.
පාසල් බලධාරීන්, කලබලයටත් බියටත් පත් වී, පාසල් හිස් කිරීම පටන්ගෙන තිබේ. ඒ, එම ඊ මේල් පණිවුඩ ගැන පොලිසියට දැනුම් දෙමිනි.
සිද්ධිය සැලවීමත් සමඟ කලබලයට පත් මාපියෝ පාසල් ඉදිරියේ කලහ කරන්න වූහ.
පොලිස් නිලධාරීන් තත්ත්වය පාලනය කළ බවත්, බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් පැමිණ පාසල් සියල්ල හොඳින් සෝදිසි කළ බවත් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ නමුත් බෝම්බ හෝ පුපුරන ද්‍රව්‍ය හෝ හමුවී තිබුණේ නැත. අනතුරු අඟවමින් ලැබුණු ඊ මේල් පණිවුඩ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇතැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බෙංගලූර් පාසල් බෝම්බ බියකින් කැලඹෙයි