(යොහාන් භාසුර)
බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විනය චෝදනා මත නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය.
ක්‍රීඩකයන් රැදී සිටි මීර්පූර්හි හෝටලයේ කාමරයට අනවසරයෙන් කාන්තාවක් කැඳවාගෙන ඇති බවට එම ක්‍රීඩකයාට චෝදනා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් කරළියට පැමිණි මෙම යොවුන් පිතිකරු ශ්‍රී ලංකාවට පැමිණි පසු විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd