IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බැංකුවට ගෙනා ලක්ෂ 50 රැගෙන පළාගිය රියදුරු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අවිස්සාවේල්ල නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් සොරා ගෙන අනියම් බිරිඳ සමඟ  පලාගිය  මුදල් රැගෙන ආ කැබ් රියේ  රියදුරු අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරු රැකියාවට පැමිණ දින 15ක කාලයක් වන බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු සමඟ  සොරාගත් මුදලින් ලක්ෂ තිහකට හා ආසන්න මුදලක් සහ මුදල් දමා තිබූ බෑගය ,ජංගම දුරකථන දෙකක් සහ චෙක්පත් හතරක් මෙන්න එම මුදල් වලින් ඔහු මිල දී ගත් රෙදි පිළි පොලිස් බාරයට ගෙන ඇත.

එම සොරකම සඳහා ආධාර අනුබල දුන් බව කියන සැකකරුගේ අනියම් බිරිඳ ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .

ඉකුත් මස 26 වැනි දින අවිස්සාවේල්ල රන්වල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මුදල් අයකැමි වරයෙකු  රුපියල් කෝටියකට අධික මුදලක්  චෙක්පත් කිහිපයක් බෑග් දෙකක අසුරා බැංකුවෙන් තැන්පත් කිරීම සඳහා කැබ් රථයකින් පැමිණ තිබූ අතර  එහි රියදුරු වශයෙන් සැකකාර කටයුතු කර යුතු කළ තිබූ බව පොලිසිය කියයි.

පෞද්ගලික බැංකුවක් වෙත පැමිණ කැබ් රථය  තුල තිබු මුදල් වලින් කොටසක් එම බැංකුවේ තැන්පත් කිරීම සඳහා පිටව යාමේ දී අයකැමි වරයා රියදුරු අමතා පිටුපස අසුනේ මුදල් බෑගයක් තිබෙන බවත් තමන් ඉක්මනින් පැමිණෙන බව පවසා  පිටව ගොස් මද වේලාවක දී පැමිණීමේදී කැබ් රථය නැවතූ තැන මැති බව දැක අවට විමසිලිමත් වීමේදී කැබ් රථය අතුරු මාර්ගයක නවතා තිබෙනු දැක තිබූ බව පොලිසිය කියයි.

අයකැමි කැබ් රථය අසලට ගොස් රියදුරු පිළිබඳ සොයා බැලීමේ දී ඔහු සහ මුදල් බෑගය ද නොමැති බව දැක පොලිසියට පැමිණිලි කර තිබිණි.

 

 

 

 

 

 

 



අදහස් (0)

බැංකුවට ගෙනා ලක්ෂ 50 රැගෙන පළාගිය රියදුරු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site