(රෝෂන් තුෂාර)
ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන පොලිසිය භාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ යැයි කියන මිද්දෙණියේ පදිංචි සාජිකා සැකකාරිය ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (4)නියෝග කළේය.
මන්දිනු පස්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනකු පසුගියදා ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මෙම බැකෝ සමන් හෙවත් මිදෙණියේ එන් එන් ප්‍රසංගගේ බිරිඳ සහ කුඩා දරුවාද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
අත්අඩංගුවට ගත් පසුව රැඳවුම් භාරයේ සිටි සැකකාරිය ඇයගේ කුඩා දියණිය සමඟ අධිකරණය ඉදිරිපත් කර තිබිණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්
විදුරංග Friday, 05 September 2025 10:18 AM
මොකටද අවුරුදු 3ක ළමයෙක්ව අත්අඩංගුවට ගත්තේ? මෙයාලාගේ වෙන නෑදෑයෝ නැද්ද ළමයාව බාරදෙන්න...? අවුරුදු 3ක ළමයෙක්ට මෙහෙම සලකන එක මහ අමනුස්සකමක්...