
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගැනුණු පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු නැමැත්තා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ජාවාරම්වලට සම්බන්ධ බවට පැවසෙන දකුණේ පාතාලයට සම්බන්ධ හත් දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
මෙම හත්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමක් දියත් කර තිබේ.
මෙම මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින් පදිංචිව සිටින මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවාස හතක් මෙම පොලිස් කණ්ඩායම විසින් ඊයේ වටලා ඇතත් ඔවුන් එම නිවාස වසා දමා අඹු දරුවන්ද සමග ප්‍රදේශයද අතහැර පලා ගොස් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
කෙහෙල් බද්දර පද්මෙ ,බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු විදේශයන්හි වරින් වර සැඟව සිටින අවස්ථාවලදී ඔවුන් ලබාදෙන දුරකථන ඇමතුම් අනුව මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයින් හත් දෙනා මත්ද්‍රව්‍යමත්ද්‍රව්‍යස් ජාවාරම් සහ අවි ආයුධ ජාවාරම් සිදු කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට තිබේ.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මට බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයුම යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් දකුණු පළාතට ගොස් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වාගෙන යයි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැකෝ සමන් - තැඹිලි ලහිරු වමාරද්දී දකුණේ පාතාලයෝ පැන යති
අරවින්ද මොණරවිල Tuesday, 02 September 2025 01:38 PM
නැහැමොලයාත් පැනලා ගිහිල්ලාද ?
janahitha Tuesday, 02 September 2025 02:33 PM
සමන් මහත්තයා, ලහිරු මහත්තයා, මහින්ද මහත්තයා, බැසිල් මහත්තයා වගේ බලා ගන්න ඕන.
janahitha Tuesday, 02 September 2025 02:34 PM
නිල නිවසක් ලබා දීලා රනිල් මහත්තයා වගේ බල ගන්න ඕන හරිද?
වින්සන්ට් කජ්ජා Tuesday, 02 September 2025 03:06 PM
කජ්ජා ඝාතනයේ කන්ට්රැක්ට් එක ආවේ ඇත්තටම කොහෙන්ද කියල හොයනකොට ලස්සන දේවල් අපිටත් දැනගන්න ලැබෙයි.
Pimpa Tuesday, 02 September 2025 06:25 PM
පාතාලයෝ පුදුම බයෙන් නෙහ් ඈත්තෙ? ඇර 88/89 ජෙප්පො පොලිසියට බයෙන් හිටියා වගේ? මට පුන්නක්කු දීපන්!
Rata Perata Tuesday, 02 September 2025 09:37 PM
මේ පාතාලය හදපු දේශපාලුවන් ගැනත් හොයන්න.
Perera Wednesday, 03 September 2025 01:18 AM
ගම්මන්පිලත් පැනලා ගිහින්ද ?
Nishan Wednesday, 03 September 2025 03:46 AM
මාලිගාවත්තේ මුස්ලිම් පාතාලේ නායකයා කන්ජිපානි ඉම්රාන්ව අල්ලන්න ආණ්ඩුව පැකිලෙන්නේ ඇයි? මාකඳුරේ මදූෂ්ගේ මල ගෙදර ගිහින් ගොඩ නගා ගත්තු යාළුකම නිසාද? කන්ජිපානි ඉම්රාන් නේද කෙහෙල්බද්දරගේ කල්ලිය අල්ලන්න ඔත්තුව දුන්නේ?