(අංජුල මහික වීරරත්න)

පොහොර මිල ඉදිරියේදී අඩු වේවි යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

ලෝක යුද්ධයක් තිබියදී පෞද්ගලික පොහොර සමාගම් ඔවුන්ගේ ළඟ තිබූ පොහොර රජයට දෙමින් ලොකු සේවයක් කළ බව කී ලාල් කාන්ත මහතා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එම පොහොර වී ගොවියාට බෙදා දුන් බව කීය.

"පසුගිය දිනවල රටේ ගොවි ජනතාවගේ උද්ඝෝෂණ කිහිපයක් තිබුණා. ඇත්තටම ඒවා ගොවි ජනතාවගේ නෙවෙයි. බංකොලොත් විපක්ෂයේ. ජනතා ද්‍රෝහීන් සමඟ මිතුරුකම් පවත්වන ගොවි ජනතාව ගැන කණගාටුයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මේ බව කීවේ මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සහ ගේට්ටු සහිත වාන් ඉදිකිරීම ඇරැඹීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.