
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ වලින් පහර දී පලායමින් සිටි කල්ලියේ දෙදෙනකු පොලිස් නිලධාරීන්ටද තියුණු ආයුද වලින් පහරදී පලායෑමට තැත් කිරීමේදී සිදු කළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු තුවාල ලැබූ බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
අනෙක් සැකකරු වෙඩි ප්‍රහාර මැද්දේ පලා ගොස්ඇත
එම ස්ථානය වැටී තිබූ හිස් උණ්ඩ කොපුවක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත
බොරලැස්ගමුව ඕ .පී. පෙරේරා මාවතේ නිවසකට අද (19) අලුයම 1.30 ට පමණ පුද්ගලයන් දෙනෙකු යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ රැගෙන පැමිණ නිවසටද පහරදී අලාභ හානිකර නිවසේ නිදා සිටි පුද්ගලයන්ටද පහරදී පලා යන බවට බොරලැස්ගමුව පොලිසියට තොරතුරක් ලැබී තිබිණි.
ඔවුන් පිළියන්දල දෙසට පලා යන බවට ලද තොරතුරු අනුව පොලිස් නිලධාරීන්ද එම දෙසට යාමේදී එම කල්ලියේ දෙදෙනකු බෝකුන්දර වීරසිංහ මාවතේ නිවසක් දෙසට යතුරු පැදියෙන් පැමිණෙන බවට ලද රහසිගත තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ සැඟවී සිටියදී ඉදිරියට පැමිණි යතුරුපැදිය ආපසු හැරී යාමට යාමේදී පොලිස් නිලධාරීන් විසින් එය වට කළ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී පැදිකරු පොලිස් නිලධාරියකු හප්පා අනතුරට ලක් කර ඇති අතර පසු පැදිකරු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන් දෙසට පහරදීමට තැත් කිරීමේදී පොලිස් නිලධාරියකු රාජකාරී ගිනි අවියෙන් එම පුද්ගලයාට වෙඩි ප්‍රහාරයක් කිරීමක් කිරීමත් සමගම එම පුද්ගලයා යතුරුපැදියෙන් එම ස්ථානයේ ඇද වැටුණ අතර පැදිකරු පලා ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd