IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


පොට්ට අමිල අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික යකු බව කියන පොට්ට අමිල නැමැත්තා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනකු රුපියල් ලක්‍ෂ 10 කට ආසන්න වටිනා මත්පෙති සහ අයිස් මත්ද්‍රව‍ය සමග අද දහවල් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

එම සැකකරුවන් සමග මත්පෙති 5300 ක් සහ අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 15000 ක් හා ජාවාරමට යොදා ගත් ජංගම දුරකථන 3 ක් ද පොලිස් භාරයටට ගෙන ඇත.

ගෝනපොල කුඹුකවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව‍ය ජාවාරම්කරුවකු වන පොට්ට අමිල නැමැත්තාගේ සමීපතමයකු අයිස් මත්ද්‍රව‍ය බෙදා හැරීම සඳහා පැමිණෙමින් සිටින බවට මොරගහහේන පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 2200 ක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම අයිස් මත්ද්‍රව‍ය පොට්ට අමිල තවත් පුද්ගලයකුට ලබාදීම සඳහා තමන් වෙත ලබා දුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව පොට්ට අමිල නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා නිවස සොයා යාමේදී ඔහු තවත් පුද්ගලයන් දෙදෙනකු සමග පෙට්ටියක්ද අත දරාගෙන පැමිණෙමින් සිටියදී එම සැකකරු නවතා සිදු කළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 10100 ක් හා අත දරා සිටි පෙට්ටිය තුළ තිබී මත් පෙති 5000 ක් පොලිස් භාරයට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (1)

පොට්ට අමිල අල්ලයි

රනේ Sunday, 21 September 2025 05:48 PM

දැන් නම් පොලිසියේ ඇස් පෑදිලා..!

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site