(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අධ්‍යයන කටයුතු නවතා  තිබු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අගෝස්තු මස 10 දින සිට (සඳුදා) නැවත ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල නේවාසික සිසුන්ට 2026 අගෝස්තු මස 09 දින ඉරිදා දින සිට නැවත නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර දී තිබේ.