IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ

(ගයාන් සූරියආරච්චි)

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්ලස් ගන්නා අවස්ථාවේදී  අල්ලස් හෝ දූෂණ  චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.‍

පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචි කාරිනියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම විනිසුරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

එම විනිසුරුවරයා ඉල්ලූ බව කියන මුදල වශයෙන් රුපියල් 5000ක මුදලක් විනිසුරු වරයාට ලබාදීම සඳහා පැමිණිලිකාරිය පුත්තලම උසාවි භූමියට පැමිණ පස්වරු 2.30 ට පමණ එම මුදල ලබාදෙන අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්   විනිසුරු වරයා අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (2)

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ

Bunny Preena Wednesday, 24 April 2024 10:06 AM

අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන්ගේ අතටම අහුවුණා නම් මෙවැනි දූෂිතයින්ගේ නම් හෙළි නොකරන්නේ මොන හේතුවක් නිසාද? 

:       0       10

de silva berlin Thursday, 25 April 2024 06:58 AM

දියුණු බටහිර රටවල කරන ආකාරයට කරුණාකර රටේ පුරවැසියන් සියලුදෙනාමට එක හා සමානව සලකන නීති සකස් කරන්න , සිහල , දෙමල , මුස්ලිම් , සුළු ජාතිය, මහා ජාතිය වශයෙන් ජනකොටස් බෙදා වෙන් කරන්න දේශපාලකයන්ට , පුජකයන්ට ඉඩ දෙන්න එපා , මුස්ලිම් ප්‍රජාවට හෝ වෙනත් ජනකොටස් වලට නිග්‍රහ වෙන ආකාරයට කතා කරන්න හාමුදුරුවරුන්ට හෝ වෙනත් පුද්ගලයන්ට විරුධව නිතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ , , කාති උසාවි වැනි දේවල් අවශ්‍යත් නැහැ , සියලු දෙනාම රටේ පවතින නිතිය පිළිගතයුතු වෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බිත්තර ආනයනය නැවත අරඹයි
2024 මැයි මස 06 14 0

දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


හොරණ වෙඩිතැබීමට වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයා ගනී
2024 මැයි මස 06 225 0

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දම


අද කාලගුණය
2024 මැයි මස 06 95 0

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙ


වීසා ගාස්තු වැඩි වීමෙන් අවාසි රැසක්
2024 මැයි මස 06 590 0

ශ්‍රී ලංකාව සංචාරක වීසා සඳහා අයකරන ගාස්තුව ඉහළ යෑම නිසා ඉදිරියේදී මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලං


විස්සයි 20 ලෝක කුසලානයට අපේ කෙල්ලෝ සුදුසුකම් ලබති
2024 මැයි මස 06 512 0

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (6) සමත් විය.


සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ
2024 මැයි මස 06 85 0

මෙරට අනාගත පරපුරේ ප්‍රධානම විභාග කඩඉමක් වන 2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 502 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1957 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1718 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site