
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 පමණ විට විට පොතුවිල් සිට කිලෝ මිටර් 490ක් ගිනිකොන දෙසින් ,අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟවවනු ඇතැයි අපෙක්ෂා කෙරේ. මෙම පද්ධතිය ඉදිරි පැය 12ක කාලය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධයනවීමට බොහෝ දුරට හැකියාව පවතී.
මේ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුළුවලින් බරව පවති.
උතුරු, උතුරු - මැද නැගෙනහිර, ඌව,මධ්‍යම, සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි ඇති විය හැකියි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 -75 ක තරමක තද වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්,උතුරු, උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරගාල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 50 -60 පමණක තරමක තද සුළං ඇති වේ.
COMMENTS