(සුමිත් පොතුපිටිය )

කොස් ගෙඩියක් කැඩුවැයි ඇතිවූ කතාබහකින් පසු දුවට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කල පියා අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සදහන් කරයි .

පහරදීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී තිළිණි මධුෂාණී නමැති 35 හැවිරිදි එක්දරු මවක බවද පොලිසිය පවසයි .

දුව සහ පියා කළුතර උතුර ප්‍රදේශයේ යාබද නිවෙස් දෙකක ජීවත්ව සිට ඇති අතර , දෙදෙනා අතර කලක පටන් පවතින ආරවුලක් හේතුවෙන් දුව සිය සැමියා සහ කුඩා දියණිය සමග වස්කඩුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට ගොස් සිට ඇති බවද පොලිසිය පවසයි .

පියා දියණිය පෙර පදිංචිව සිටී කළුතර උතුරේ පිහිටි ඉඩමේ ඇති කොස් ගසක ගෙඩියක් කඩා ඇති බවත්, අසල්වාසියෙක් ඒ බව දියණියට දුරකථන මගින් දැනුම් දී ඇති බවත් පොලිසිය සදහන් කරයි.

ඒ අනුව දියණිය එම ස්ථානයට පැමිණ පියා සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර , එහිදී සැකකරු නිවසේ තිබූ යකඩ උලකින් ඇයගේ හිසට පහරදී ඇති බවටත් මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇතැයිද පොලිසිය පවසයි.

පහරදීමෙන් පසු සැකකරු පහරදීමට යොදාගත් යකඩ උලත් සමග භාරවූ බවද පොලිසිය පවසයි .