(ආරියරත්න රණබාහු)

ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ග්‍රන්ථ කතුවරයකු වූ නන්දසේන සුරියආරච්චි මහතා අද (28) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 78 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.

දේහය කළුබෝවිල ඇන්ඩ්‍රසස් පාර අංක 9 නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (30) පස්වරුවේ කොහුවල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.