(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළමු වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය අධික්ෂණය කිරීමට  පියවර ගෙන ඇති අතර 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ආරම්භ කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේදී අවධාරණය කළාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස් විය. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. 

පළමු ශ්‍රේණියේ දෙවන  සහ  තෙවන වාරය සඳහා වන ක්‍රියාකාරකම් පාදක පොත්  මුද්‍රණය කිරීමට සුදානම් කර ඇති අතර දෙවන වාරය සඳහා වන ප්‍රායෝගික  ක්‍රියා කාරකම් පොත් අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු දරුවන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා මෙහිදී පැවසීය. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන් පුහුණු කිරීම, පුහුණුකරුවන් පුහුණු කිරීම සිදු කරමින් පවතින අතර 6 ශ්‍රේණියට අදාල සියලු මොඩියුල විශේෂ  කමිටු හරහා ගැඹුරින් යළි සළකා බලමින් පවතින බවද නිලධාරීන් මෙහිදී අවධාරණය කළේය.