
(නිමන්ති රණසිංහ)
තෝරාගත් බෝග කිහිපයක් වෙනුවෙන් පළිබෝධ නාශක හතරක් මෙරටට ගෙන්වීම සදහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒ අනුව හදුනාගත් එම දිලීර නාශක හා පළිබෝධ නාශක හතර සම්බන්ධයෙන් මේ වන විට ලැයිස්තුවක් සකස් කරමින් සිටින බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
බෝග සදහා හදීසියේ වසංගත රෝගයක් ඇතිවුවහොත් ඒ සදහා ලබාදීමට අවශ්‍ය පලිබෝධ නාශක දියර අප සතුව තිබිය යුතු බවත් ඒ හේතුවෙන් මෙම වර්ග හතර හඳුනාගෙන ඒවා ගෙන්වීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලූ බවද අමාත්‍යවරයා පැවසිය.
අල සහ ලූනූ භෝග සම්බන්ධයෙන් වන රෝග එකිනෙකට වෙනස් වන අතර ඒවාට කාබනික වශයෙන් විසදුම් නොමැති බවත්, යම් හෙයකින් එවන් අවස්ථාවක් උදාවුවහොත් ඊට මුහුණ දීම සඳහා පලිබෝධ නාශක සු`ථ ප්‍රමාණයක් ආනයනය කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තබා ගැනීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද හලෝ මේ තරම් දවසක් නටපු කාබනික නාඩගම...? මොළයක් කියා කළඳක් වත් නැති මුග්ධ පාලකයෝ...!
අනියමාර්තේ අසම්භාව්‍යක් ක්‍රියාවෙන් කියන්නේ කොම්පෝස්ට් වගාව ගැන පවතින සැකයක් තියෙනවා කියලද?
මේ පීචන් ඇමැතිලා කවදාද ඉල්ලා අස්වෙන්න යන්නේ...?
චුට්ටක් ගෙනාවට කමක් නැද්ද?
ඔය ඩොක්ටර් පාදෙණියගෙන් හරි, රතන හිමිගෙන් හරි උපදෙසක් ගන්න කියලා ලොක්කාට කියන්න... එයාට කෘෂි උපදේශ දෙන්නේ එතුමන්ලා. සිංහල රජකාලේ ඕවට ඕනතරම් ක්‍රමවේද තිබුණා...
අනේ මෙහෙම හරක් රැලක්!