IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පළාත් පාලන ආයතන වැඩ වලට පුරවැසි සහභාගීත්වය වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතන වල කටයුතු සඳහා පුරවැසි සහභාගීත්වය පුළුල් කිරිම පිළිබඳ  විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුවිය.

ඒ එම සංසදය එහි සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.

පළාත් පාලන ආයතන තුළ කමිටු පිහිටුවීමේදී  සිවිල් සමාජය නියෝජනය කරමින්  සාමාජිකයින්  එම කමිටු සඳහා පත්කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා කෙරිණි.

ඒ සඳහා පත්කරන ලද අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය පාලනයේ විවෘතභාවය සුරක්ෂිත කරමින් පුළුල් පුරවැසි සහභාගීත්වයක් සහිත පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවයි. 

ඒ සඳහා නියමු ව්‍යපෘතියක් කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල නගර සභාව පාදක කරගෙන ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 



අදහස් (0)

පළාත් පාලන ආයතන වැඩ වලට පුරවැසි සහභාගීත්වය වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 744 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site