(ලක්ෂ්මී ජයකොඩි)
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගෙන් ඉල්ලා සිටියහ.
මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාව සාකච්ඡාවක් සදහා අද එම මහකොමසාරිස් කාර්යාලයට කැදවා තිබුණු අතර එහිදි එම මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අගා්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවේදි සිදුවුයේ කුමක්ද යන්න පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමට ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කොළඹට කැදවා තිබිණි.
මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පැවසුවේ මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වි යුතුව ඇති බව ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ අවධාරණය කර සිටිය බවයි.
ජනවාර්ගික ගැටලුව පිළිබදවද මෙහිදි අවධාරණය යොමු කළ බව පැවසු මන්ත්‍රීවරයා ත්‍රිකුණාමලය වරාය සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරුණු බව පැවසීය.
මෙහිදි මාධ්‍යවේදියකු 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පිළිබදව මහාකොමසාරිස්වරයා හා සාකච්ඡා කළේදැයි විමසු විට සම්බන්දන් මහතා පැවසුවේ කතා කිරීමට තරම් වැදගත් කාරණයක් නොවන බවයි
මෙම හමුව සාර්ථක බව පැවසු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවම් අඩෙක්කලනාදන් මහතා මේ අවස්ථාවේ දෙමළ ජනතාව මුහුණදෙන ලබන ගැටලු හා එම ගැටලු විසදා ගැනීමේදි ඉන්දියාවේ සහයෝගය අවශ්‍ය බව ඉන්දිය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිය බවපැවසීය.
මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන්, එස් . ශ්‍රීධරන්, ගෝවින්දන් කරුණාහරන්, චාල්ස් නිමලනාදන්, තවරාසා කලෙයිඅරසන්, යන මහත්වරු සහභාගි වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ ජනතාව මුහුණදෙන ලබන ගැටලු හා එම ගැටලු විසදා ගැනීමේදි ඉන්දියාවේ සහයෝගය අවශ්‍ය බව ඉන්දිය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිය බව නිදහසින් පසු ලංකාවේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කල සියලු දේශපාලකයන්ගේ ජනප්‍රිය ප්‍රකශය අදටත් එසේම සිදුවේ. ද්‍රවිඩ ජනතවගේ මුලික අවශ්‍යතවයන් ඉටුකිරීමට ලංකාවේ රජය / ආණ්ඩුව සමග එක්වීමට උතුරු නැගෙනහිර නියෝජනය කරනාවූ දේශපාලකයන් අසමත්වීම කණගාටුවට කරුණකි.
ඈ බොල ඉන්දියාව උඹලගේ බාප්පොච්චි උනාට අපේ කව්රුවත් නොවෙයි. මේ රට පාලනය වෙන්නේ අපිට ඕන විදිහට.
සම්බන්ධන්ලා හිතාගෙන ඉන්නේ ඉන්දියාව අපේ රට පාලනය කරනවා කියලා වෙන්න ඇති...!