IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පහළ යාන් ඔය ජලයට කොටු වු සතුන් බේරා ගැනෙති

 
 
පැතුම් දර්ශන
 
 
හොරොව්පොතාන වාහල්කඩ ප්‍රදේශයේ ඉදිකෙරුණ පහළ යාන් ඔය ව්‍යාපෘතියට ජලය පිරවීම ආරම්භ කිරීමත් සමඟ එම භූමියේ ජලයට කොටු වී සිටින සතුන් බේරා ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.
 
හොරොව්පොතාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සතුන් ඉවත් කිරීමේ කටයුතු සිදු කරන අතර ඒ සඳහා හොරොව්පොතාන පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් කළ ඉල්ලීමකට අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි හේවා පතිරණ මහතා විසින් අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක අංශයේ බෝට්ටුවක්  සමඟ පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ද ලබා දී ඇත.
 
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුන් බේරා ගැනීම සඳහා බෝට්ටුවක් ලබාදී ඇති අතර ඒ අනුව බෝට්ටු දෙකක් යොදා ගනිමින් වනජීවී නිලධාරීහු සතුන් බේරා ගැනීම සිදුකරති.
 
මීට සති දෙකකට පමණ ඉහත දී ආරම්භ කළ මෙම සතුන් බේරාගැනීමේ මෙහෙයුම් යෙදී බෝට්ටුවෙන් ගොස් බේරාගන්නා සතුන් දැමීමට අවශ්‍ය උපකරණ වනජීවී නිලධාරින්ට නොතිබූ අතර එම උපකරණ ලබා දුන්නේ ද හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසිනි.
 
මෙම මෙහෙයුමේ දී ජලයට කොටුවී සිටි උරගයන් 800කට ආසන්න ප්‍රමාණයක් සහ ඉත්තෑවන් තිදෙනකු බේරාගැනීමට මේ වන විට වනජීවී නිලධාරීන් සමත්ව තිබේ.
 
අක්කර අඩි එක්ලක්ෂ හතලිස් දහසක ජල ධාරිතාවක් අපේක්ෂිත පහළ යාන්ඔය ව්‍යාපෘතියෙ මේ වන විට අක්කර අඩි 72,000 ක් ජලය පිරී පවතී.
 



අදහස් (3)

පහළ යාන් ඔය ජලයට කොටු වු සතුන් බේරා ගැනෙති

Hafeel Wednesday, 21 November 2018 06:57 AM

මේ අහිංසක සතුන් බේරන්න කටයුතු කලාට දියවන්නාවේ ඉන්න සතුන් බේරන්න නං යන්න එපා. දියවන්නාවේ සතුන් බේරන්න යන්න අයවත් සපා කාවි. ඒ තරම් බයානක සතුන් ඉන්නේ. දැක්කනේද එදා ඔවුන්ට ආරක්ෂාව දෙන්න පොලීස් නිලධාරීන්වත් දෂ්ට කළා.

:       0       81

විජිත් Wednesday, 21 November 2018 08:44 AM

සතෙක් නම් පේන්න නෑ

:       2       3

leel gunawardena Wednesday, 21 November 2018 06:36 PM

කෙසේ කෝ මේ කරන උතුම් ක්‍රියාවට මේ සැමට මගේ ප්‍රණාමය , ඔබලාට ජය.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site