
(චාපා මධුභාෂිණි)
පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිසෝබණ්ඩාරයේ 1 බී යාය ප්‍රදේශයේ යළ කන්නයේ කාබනික පොහොර යොදා වගා කළ බඩඉරි වගාවක් අසාර්ථ වී ඇති බව පවසමින් එහි හිමිකරුවන් විසින් බඩඉරිඟු වගාවට ගිනි තබා විනාශ කරනු ලැබීය.
ගොවීන් විශාල පිරිසක් අක්කර 4 වැඩි භූමි ප්‍රමාණයක වගා කළ මෙම වගාවෙන් සියයට 10ක්වත් අස්වැන්න නොලැබුණු බව ඔවුහු පවසති.
තම වගාවේ ඵළදාව නොමැති කමින් විශාල මුදලක් වැය කිරීම නිසා තමා දැඩි සිත් තැවුලට පත්ව ඇතැයි ද දැඩි ලෙස පීඩාවට පත්ව සිටින එම ගොවීහු පවසති.
බී.ජ කිලෝවක් සඳහා රුපියල් 7000ක පමණ මුදලක් වැය කළ බවත් භූමිය සකස් කිරීමට විශාල මුදලක් වැය කළ බවත් ගොවීහු චෝදනා කරති. වගාවේ කොටසක් කිරි ගවයන්ට ආහාර සඳහා දෙන බව ද ගොවිහු කියති.
බීජවලට වැය කළ මුදලවත් වගාවෙන් සොයා ගත නොහැකි වූ බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි නැති උනාම තමන්ගේ බිරිඳටත් ගහලා පන්නන රටේ ඕක සාමාන්‍ය දෙයක් .අනික වෙන රටවල් වල බඩ ඉරිඟු කිරි ගවයන්ට දෙන්නම වවනවා
පේමන්ට් එක බැංකු ගිණුමට ඇවිත් ඇති බලන්න .නියම ගොවියෝ කන්න නැතත් තමන් කරන ගොවිතැනට ගරු කරනවා
පාලකයින්ගේ වැරදි තීරණ නොවෙනස්ව ක්‍රියාත්මක කිරීම තුලින් ජනතාව දුක් විඳිනවා
මේ ඇවිලෙන්නේ ජන වයිරයේ ගිනි පුපුරු.
ඔය ගින්නට දමන්න කී දෙනෙක් ඉන්නවද. ඒ අය හිනාවෙනවා ඇති ඊළඟට බඩ ඉරිඟු ගෙන්නල කොමිස් ගහන්න.
ගෞරවය නෙවෙයි, මේකෙන් දෙන පනිවිඩය වටහාගන්න නුවණක් ඔබට නොමැතිද?
සෙනෙවිරත්නට පේන්නේ නැද්ද?
නලීන් වගේ බයියෝ ඉන්නකම් රට හදන්න බෑ .ලංකාවේ ගොවිතැන් පොඩියට කරගෙන ජීවත් වෙන අන්ත අසරණ මිනිස්සු ඉන්නේ
මිනිස්සු තමන්ගේ ප්‍රශ්නයක් නිසා කෑ ගැහුවත්, පාරට බැස්සත් ඒකත් අනුන්ගේ පිට දාන්න බලන මේ බයියන් ඉන්නකම් මේ රට හදන්න බැහැ...