(දයාරත්න ඇඹෝගම)
මිහින්තලේ නගරයේ පිහිටි ආපන ශාලාවක් තුලදි බහින් බස් විමක් දිග දුර ගොස් ඇතිවු ගැටුමකදි මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු,රජරට විශ්වවිද්‍යාලයේ සිසුවෙකු හා ආපන ශාලාවේ සේවකයෙකි.
හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා ගැටුම සිදුවු ආපන ශාලාවේ සිටියදි රාත්‍රි ආහාර ගනිමින් සිටි රජරට විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සමග බහින් බස් විමක් දුරදිග ගොස් පහර දිමක් සිදුව ඇති බව පොලිසිය කියයි.
පසුව එම ස්ථානයට පැමිණි රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාටද පහරදි තිබේ.එම සිද්ධියෙන් තුවාල ලැබු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි,රජරට විශ්වවිද්‍යාලයේ සිසුවාත් ආපන ශාලාවේ සේවකයාත් මිහින්තලය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පහර දිමකින් හිටපු මන්ත්‍රි ඇතුළු තුනක් රෝහලේ
නිමල් Sunday, 02 March 2025 02:25 PM
මන්ත්‍රීවරුන්ට ගහන්න හොඳ නැහැ පව්. මහජන සේවකයින්... !
චතුරි Monday, 03 March 2025 01:00 AM
මේ තමයි පටන් ගැන්ම. තව කීදෙනෙක් ඉන්නාවාද. ඉල්ලන් කන්න ප්‍රභු කියන කට්ටිය පරිස්සමින් ඉන්න. දැන් ඇවිත් ජනතාවට වැදගන ඉන්න ඕන කාලය කියලා හිතන්න. ඉස්සර වගෙ නෙමෙ දැන්