(ඩයනා උදයංගනී)
පොහොර නොමැතිවීමෙන් ගොවියා මුහුණ පා ඇති ඛේදවාචකය හේතුවෙන් ඉදිරියේදී තමාට ද පොළොන්නරුවට යාමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
පොහොර නොමැතිවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයේ ඇතිවී ඇති අර්බුදය නිසා ගොවියාට යන එන මං නැති වී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ඇතිවූ විශාලම ඛේදවාදකය මේ වන විට දක්නට ලැබෙන බව ද සඳහන් කළේය.
‘මේ තත්වය තුළ තව ටික දවසකින් මටත් පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ’ යැයි කී හිටපු ජනාධිපතිවරයා ‘ගොවීන් තුළ ඇති ආවේගය, සංවේදීතාව, පීඩනය නිසා මටත් එන්න එපා කියන්න පුළුවන්’ යැයි කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අනේ ගමට යන්න බැරුව දුක හිතිලා
ප්රශ්නය, ඔබතුමා කැමති කාබනික පොහොර වලටද ,රසායනික පොහොර වලටද ?උත්තරය හික් හික් හික් .ඔය කෝක උනත් මට මොකද හිටන් ? හික් හික් හික්
ඔව්, ඔබ දැන් රජයේම කොටසක්...
කාගේද ආණ්ඩුව? කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න ඕක..
බැරිද මොඩ් ගොවියට කියලා සපෝට් එකක් ගන්ඩ.
බැහැ තමයි.දැන් ඔබතුමා නම්බු ඇතිව ඉල්ලා අස්වන්න.
මෙයා දැන් හරි හොඳ කෙනා වෙලා.
ගමට කොහොම වෙතත් රටේ මිනිස්සුන්ට නම් ඔයාලා කවුරුත් එකයි. ඔයාලාගේ සහෝදරයා අපිට කන්න තියෙන බත් ටිකටත් කරලා තියනදේ පේනවනේ.
අනේ මේ මොකට පොලොන්නරුවේ යනවද? කොයි තරම් මන්දිර ගත්තද. ඔන්න ඔය මාලිගාවලින් එකක යහතින් වැජබෙන්නකෝ.
ගමට යන්න හිතගෙන නෙවෙයිනේ කෝටි ගානක මාලිගාවක් කොළඹින් ගත්තේ. එහෙනම් ඔයා කොළඹම ඉන්න
ඔයා තමයි මේ තත්වය ඇතිවීමට හේතුව. මිනිස්සු 2015 බලය දුන්නෙ යහපත් රටක් හදන්න.
ගමට යාම කෙසේ වෙතත් මහජන මුදලින් දැන් පිනට ඉන්න දීල තියෙන එක ගැන සතුටු වුනොත් හොද....
පාස්කු ප්රහාරය පිලිබඳ දැනුවත් වී තිබියදීත් ඒ පිලිබඳ කිසිවක් නොකළ ඔබත් පොළොන්නරුවේ ජනතාව මේ ප්රමාණයට හෝ පිළිගැනීම ඔබතුමාගේ වාසනාව. ළඟදීම ඒකත් නැතිවෙයි.
එයා ගෙදර යන එක තිරණය කරන්නේ ඩඩ්ලි අයිය නේ.....
සජිය එක්ක කුමන්ත්රණය කරලා දැන් ගමට යන්න බැහැලු. වාසි ලැබුන නිසා සතුටින් ඉන්න. දෙවියන්ගේ පිහිටයි !
තව වැඩ බැරි ටාසන් කෙනෙක්.
අපේ සිරිබිරිස්ගේ ඕපාදූප...!!!