
(අජන්ත කුමාර අගලකඩ)
රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවා,අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර ඇත.
මෙම ලිපිය බාර දීම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ,සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම,ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ය.
මෙම ලිපියට අත්සන් ගැනීමේ කටයුතු පාර්ලිමේන්තුවේ දී ගිය සතියේ ආරම්භ වූ අතර,පෙරේදා(21)වන විට මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු ඊට අස්සන් තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේ ය.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද මේ සඳහා අත්සන් කර ඇතැයි ඔහු කීවේය අත්සන් හැත්තෑවක් පමණ ලබා ගැනීමෙන් අනතුරුව ලිපිය ජනාධිපතිවරයා වෙත බාර ර දෙන බවද හෙතෙම සඳහන් කළේය.
රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළට අඩු ආදායම්ලාභී සැබෑ දුප්පතුන් විශාල පිරිසක් ඇතුළත් නොවීමෙන් බරපතළ අසාධාරණයක් සිදුව ඇතැයි ඔහු කීවේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ කාර්යාලය පොහොට්ටුවෙන් යැපේ !
දවසක් මම බසයක ගමනක් යද්දී එක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක් ළග දිගු පෝලිමක් දැකලා වයසක කෙනෙක් තව කෙනෙකුගෙන් අහනවා ආයෙත් පෝලිම් තියෙන්නෙ ඇයි කියලා .අනෙක් කෙනා කියන්නෙ සමුර්ධි ගන්න කියලා. එවිට මුලින් අහපු කෙනා කියන්නෙ දැන් සමුර්ධි නැහැ තියෙන්නෙ ඇස්වැසීම කියලා .එහෙම කියලත් එයා කියනවා ඇස්වැසුවම මොනවත් පේන්නෙ නැහැ කියලා. මම හිතන්නේ එහි ගැඹුරු අදහසක් තියෙනවා කියලා තමයි. මෙම ලිපියේ ඉල්ලීම ගැන බලනවිට සමුර්ධි හදල පාර්ලිමේන්තුවට රිංගපු එකාට දුරදිග හිතන්න මොළයක් නැහැ කියලා කියන්න වෙනවා .ඒසමග දුප්පතුන් කපාහැරපු බවත් කියන්න පුළුවන් .කොහොම වුනත් ලංකාවෙ හැමදාම කලේ අදම කල යුතුදේ හෙටට කල්දමනවා පමණයි. ඉදිරියට යාමක් නැහැ .ඒනිසා දිගින් දිගටම පරක්කු වෙන ඇස්වැසීම අවම වශයෙන් 2023 තෙවැනි කාර්තුව අවසානයට පෙර අවසන් කරන්න අනිවාර්ය කලොත් හොදයි
අඩු ආදායම්ලාභීන් බහුතරය නිකම්ම ඉන්න අය... එකම රාජකාරිය වර්ගයා බෝකිරීම කරගත්ත කණ්ඩායමක් සෑම අවස්ථාවකම උද්ඝෝෂණවල දක්නට ලැබෙනවා. දරුවන් අතින් කටින් එල්ලගෙන අඳෝනා කියන අය...