(සුජිත් හේවාජුලිගේ )
අරගලයෙන් පසු කලකිරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී නැවතත් තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ අතර කලකිරුණු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විදේශගත වීම සඳහා වීසා ඇතුළු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරියේදී දේශපාලනය නොකරන බව දැනටමත් ප්‍රකාශකර ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක් ඒ පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂ සහ අලුත් පෙරමුණු වටා ඒකරාශීවී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන වචනේ කලකිරුණු ,කලකිරුණු නෙවි ඡන්දයක් කරන්න මිනිස්සු හම්බවෙන්න යන්න බැහැ ,හම්බානකට කන්න වෙන්නේ.
පිපෙන්නත් කලින් පොහොට්ටුව පරවෙන ලකුණු. මයිනෝ දෙන්නගෙයි කපුටගෙයි වැඩ.
කළකිරිලනම් ඡන්දෙ එනකල් ඉන්නේ මොකද දැම්මම අස්වුණා නම් ඉවරයිනේ. බයිලා ගහලා තව ගාණක් කපාගෙන ආයෙත් ඡන්දෙ ඉල්ලයි.
අපේ රටට කරපු විනාශයට තොපි මකබෑවිලාම පළයව්.
මුන් හොරා කාපුව පොදි බැදගෙන අපට අධෝභාගය පෙන්න පෙන්න රට පැනල දරුමල්ලන් එක්ක දෙයියනේ කියල ඉදිරි කාලයේ ජීවත් වෙයි. එතකොට අපිට යන කල දවස... කාගෙන්ද අහන්න ඔ්න.
දැන් මොලේ පෑදිලා. පොහොට්ටුව මැලවෙලා යන දවස් ලඟයි.
වරෙල්ලකෝ ඉල්ලගෙන...
කලකිරිලද බයවෙලාද ? ඔය බොහෝ දෙනෙකුට චන්දයක් ඉල්ලන්න ගමටනම් එන්න එපා කියලයි ගම්වල මිනිස්සු කියන්නේ.
ඔව් ඔව් ඒ අය එන්නේ නෑ…. ඒ අයගේ දරුවෝ එන්නේ පොඩි මයිනත් එක්ක….
පොඩි මයිනට නිවන්සැප දීලයි තියෙන්නේ.
රට කලා නැති කරලා දැන් ඇගබෙරගන්නයි යන්නේ.