
(යොහාන් භාසුර)
රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම් මාලාවේ පළමුවැන්න අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු රජයේ මැති ඇමැතිවරු මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.
කොවිඩ් වසංගතයෙන් ජයගැනීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග, අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන සහ ඉදිරි දේශපාලන සහ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිම මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ.
‘කොවිඩ්’ අර්බුදය හමුවේ වුවද රජය ජනතාව වෙනුවෙන් විශාල කැපවීමක් සහ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ ද ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොමැති බවත් මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණ වී ඇති අතර ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටිති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම, බීම, අද දවසේ පඩිය, සන්තෝසම් ලැබුණද? දැන් සැපද?
මේ අය නම් මිනිස්සු වෙන්න බැහැ.
ජනතාවට කොරෝනා වලින් බේරෙන්න උපදෙස් දීල මුන් කරන වැඩේ . ආණ්ඩුවේ උනුත් එකයි විපක්සේ උනුත් එකයි . මුන් ඔක්කොටෝම ඕන දේසපාලන බලය ගන්න විතරයි .
මේවාට කොරෝනා නීති අදාළ නෑ හොදේ. මෙහෙම ඉන්නකොට ඔමික්‍රොන් අවුලකුත් නෑ
මේ වගේ වහල් සමාජයක් තිබෙනා තුරු රටක ඉදිරි පැවැත්ම ගැන කවර කතාද? පක්ෂ, පාට කර පින්නාගෙන පරම්පරාවෙන් පරම්පරාවට යන ගැති දේශපාලනයෙන් අවස්ථාවාදීව ප්‍රයෝජන ගන්නා පාලකයින් ජනතාව මුලාකොට ඔවුනොවුන්ගේ බඩගොස්තරය රැකගැනීමට විනා ජනතාවට ඉන් සිදුවන යහපත කවරේද?
මේ අය නම් මිනිස්සු වෙන්න බෑ...
සල්ලි සහ සිල්ලර බඩු රැගෙන ඇවිල්ලයි තියෙන්නේ...!
රටේ අර්බුද රැසක් නිර්මාණය වෙලා තියෙන මොහොතක මෙසේ රටේ විවිධ ප්‍රදේශවලින් බස් දමා සෙනඟ ගෙනත් දේශපාලනය කිරීම ඉතාමත් පිළිකුල් සහගතයි.
මෙතරම් විශාල ගව සම්පතක් රටේ තියාගෙන අපි නවසීලන්තයෙන් තවත් ගවයින් හා කිරිපිටි ආනයනය කිරීම නම් කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒ වගේම පිටරටවලින් සහල් ආනයනය සීමාකොට ඒ වෙනුවට පිදුරු ආනයනය කිරීම ගැන රජය සලකා බැලිය යුතුවෙනවා. මීට අමතරව ගව හා බූරු මිශ්‍ර ජානවලින් බිහිවී ඇති ලංකාවටම පමණක් ආවේනික වූ සත්ව කොට්ඨාශය පිළිබඳව ගවේශණාත්මක පරීක්ෂණයකට ජාත්‍යන්තරයේ විශේෂ අවධානය යොමුවිය යුතුයි.. !!!
මේ ඉන්නේ බූස්ටර් එකත් ගහගෙන සෞඛ්‍ය නීති නිසිලෙස පිළිපැදගෙන. සෞඛ්‍ය ජනරාල්ගේ ඇස් කටේ වෙන්න ඇති. සංදර්ශන සමාජයක් හදලා දවසට 20ට වඩා මැරෙන්න දීලා තියෙද්දීත් තවමත් මේ පක්ෂවල රැළිවලට යන මේ අය මිනිස්සු වෙන්න නම් බෑ...
69 ලක්ෂයකින් දැන් අඩුම තරමේ දහ පහලොස් දාහක්වත් ඉතුරු නොවන්නේ යැයි යමෙක් කියන්නේ නම් ඔවුන්ට පිස්සු විය යුතුයි. ඒ අතර මුදලට, බත් පැකට්ටුවට සහ අරක්කු බෝතලයකට යන පිරිසක් ද සිටින විට හොර දේශපාලුවන්ගේ හොද්ද බොරයි. ඒ කොහොම වෙතත් පොහොර නැතුව නන්නත්තාර වූ ගොවියන්, සහල්, ගෑස්, කිරිපිටි , එළවළු සහ අත්‍යාවශ්‍ය ආහාර සහ තෙල් නැතුව පීඩා විඳින, දුක් වේදනා විඳින මිනිසුන් අච්චු ගසා දෙන රුපියල් දාහ දෙදාහ රැගෙන යාමට පැමිණියත්, ඔවුන් ඡන්දය දෙන වෙලාව වනවිට නිසි පරිදි ක්‍රියාකරනු ඇත...
අර පොහොර කෘමි නාශක නැතිව, කන්න නැතිව දුක් විඳින ගොවියෝ නේද ඔය ඉන්නේ? ඔයිට වඩා හොඳ නැද්ද අමුඩය පිටින්ම ආවා නම්... ? බලපුවාම රටේ බඩුමිල අහස උසට වැඩිවෙලා.. පඩියෙන් ජීවත් වෙන්න බැරි මට විතරද? සිංහලයා මෝඩයා කියන්නේ නිකන් නෙමෙයි එහෙනම්...
ජයවේවා..! රටේ සියලු ජනතාවම ගරු ගෝඨාභය ජනාධිපතිතුමා සමග ඉන්නවා කියලා ඔප්පු වුණා...
දේශපාලකයා නියෝජනය වනුයේ පවතින සමාජයෙනි. එය එසේ වේ නම් මෙය මෙසේ වීම පුදුමයක් වනුයේ කෙසේද..?
මේ වගේ වහල්ලු ඉන්නකන් රටට අබ සරණයි...
ඩුබායි සෝමාට ජයවේවා..!
මේ වගේ ජනතාවක් තියාගෙනද මේ රට හදන්නේ?
ඇති වෙන්න බොන්න දෙන්න ඇති... බඩු මලු සල්ලි දීලා ට්‍රිප් එකක් යන විදියට ඔය රැල එකඑක කොට්ඨාශවලින් බස්වල දාගෙන දක්කාගෙන එන්න ඇති... අද හෙට හරක් රැල ඔතැනට ගාල් කෙරුවේ කොහොමද කියලා එළියට එයි...
රටේ ගව සම්පත...!
අනෙක් උද්ඝෝෂණ විතරද රෝග අවදානම...?
මේ ඇත්තටම තමුන්ගේ කැමැත්තෙන්ම ආපු මිනිස්සු නන්, මේ රටේ ඉන්නවට වඩා වෙන රටකට යන එක හොදයි.
මින්ස්සුන්ව එක ළඟ එක ගොඩේ තියල , ඒ ගොල්ලොඑ හොඳට පුලුවන් තරම් ඇතින් ස්ටේජ් එක හදාගෙන එතනට වෙලා ඉන්නව , එතකොට කොරෝන පැතිරුණත් පැතිරෙන්නේ ඔය ඇවිල්ල ඉන්න මෝඩ මිනිස්සු අතරේ විතරයි . කොහොමද වහල්ලුන්ව පාවිච්චි කරන විදිහ ?
ගව සම්පත දැකලා එළදෙනකට ආසා හිතිලා වගේ. පරුස්ට කිව්වනම් එක්කගෙන යාවි.
රටේ ජනතාවට අයිතිවාසිකම් මෙන්ම වගකීම් ගැන පෙන්වාදීමට පෙර අපේ රටේ දේශපාලකයෝ සහ පාලකයෝ තමන්ගේ වගකීම් සහ අයිතිවාසිකම් ගැන තේරුම් ගත යුතුයි ..රටේ ජාතික සම්පත් තමන්ගේ පුද්ගලික බුදලය කියා සිතමින් කරන නින්දිත ක්‍රියා නතර කලයුතුයි මේ රටේ ආර්ථිකය බංකොලොත් කලේ ජනතාව නොවේ රටේ පාලකයින් ..විදේශීය රටවලින් ගෙවන්න බැරි තරම් ණය අරන් රටේ ජාතික සම්පත් විදේශීය රටවලට බදු දුන්නේ /ඉඩම් සින්නක්කර විකුණුවේ රටේ ජනතාව නොවේ රට පාලනය කල දේශපාලකයින් ..ඒ ගත් මුදල් වලින් ධනවත් වුයේ රට පාලකයින් සහ දේශපාලකයින් පමණයි …වසර 74 ගත වි ඇතත් රටේ ජනතාව දුප්පත් පවුල් පාලනය පෝසත් වෙනසක් කරන්න ඕනේ .වෙනසක් වෙන්න ඕනේ. නැත්නම් අපේ අනාගත පරම්පරාවට නිදහස් නිවහල් රටක් නැති වෙනවා කටාර් වල අපි
කො අර බමුණු මහතා ,
ලෝක වසංගතයක් සමග රජය අසීරුවෙන් ගෙන යන වැඩ පිළි වෙල ගැන විචාර බුද්ධියක් සහිත මිනිසුන්. 69 ලක්ෂය නැත්තම් 55 ලක්ෂයේ නුගත් මිනිස්සු විතරක් නෙමෙයි අනිත් අයත් මේ වසංගතයෙන් මැරිලා. දැනුම් දීලත් නවත්ත ගන්න බැරි වුණු රනිල් සිරිසේන අනුර කුමාර ආණ්ඩුව තිබුණානම් ඇහැට නොපෙනෙන වයිරසයක් පාලනය කර ගන්න හැටි බලන්න තිබුණා. මේ ආණ්ඩුව නිසා මෙහෙම හරි කාලා ඉන්නවා.
සෙනග ඇදපු බස් වල පින්තුරත් පෙන්නුවා නම් වඩාත් හොඳයි.මොලේ කලඳක් තියන අය නම් කැමැත්තෙන් මේවාට එයිද?
ඔන්න අපි වැඩ පටන් ගත්තා හැප්පිලා බලමු. අනුර ගොයියෝ උඹලගේ වැඩ හබක් නේද?
පීඩිත දුප්පත් ජනතාව අතලොස්සක් දුශිතයන්ගේ ග්‍රහණයට හසු . මිනිසා සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු කරයි .දුෂණයෙන් තොර පැහැදිලි විපක්ෂයක් ,නායකත්වයක් නොමැති කම නිසා ජනතාව අසරණ වී ඇත
ඔය බය වෙලා ඉන්නේ.පිටින් කට්ටිය ගෙනල්ලා.හුහුහුහුහු
අනේ මෙච්චර හරක් ඉන්න රටටද කිරිපිටි රටින් ගෙන්නන්නේ ??
බලෙන් ගෙනාපු සමුර්ධිය ලැබෙන අයයි .බලෙන් ගෙනාපු දේශපාලන පත්වීම් ලබපු රජයේ සේවකයොයි ,එක එක ආසන සංවිධායකයොයි , බස් වලින් ඇද්ද දේශපාලන ගොට්ටොයි විතරයි
සමාජ මාද්‍ය තුල මම දැක්ක මහින්ද මහත්මය කතාකරනකොට මිනිසුන් කෝ පොහොර යැයි කියමින් විරෝධතා දක්වනවා. නිවැරදි ජනතා නියෝජිතයන් පත් කර ගැනීම සදහා සත්‍ය හා නිවැරදි තොරතුරු ගෙන හැර පෑමේ සද්කාර්ය තියෙන්නේ ජන මාද්‍ය සමග.
ගෝටාභයට වැඩ පෙන්නන්න ඉතිරි අවුරුදු තුනට අමතරව තව පහක් එනව වගෙයි. ජනතා කැමැත්ත එය නම් වෙන විකල්පයක් නැත.
සෙනග දැක්කම මෙහෙම බය හිතෙනවත් ඇති..දුර ඉඳන් සෙනග ඇදල කියලත් කියනව..වෙන්න ඇති..ඔය විදියටම පසු ගිය මැතිවරනයෙදිත් උනානෙ..කෙනෙක් Fb යේ ඡනාධිපති උනානෙ, ගෝල් ෆේස් වලට එක නගරයකින් බස් 3,4 බැගින් සෙනග ඇද්දල කරපු රංගනය..ඒ වැඩි දෙනෙක් වයස 18 සම්පූර්න නැහැ..අනික ඒ ආ සෙනග, පොහොට්ටුවට හිතවත් උදවිය..කෑම 1යි, නොමිලේ කැළණි වඳින්නයි තියෙන ආසාවට විනෝද ගමනක් ගිහින් ආවේ කට්ටිය..100% සත්‍ය දේ මේ.. අන්තිමෙදි කොහොමද ප්‍රතිඵල..