
(අජන්ත කුමාර අගලකඩ)
රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත .
එහි පළමුවැන්න ලබන බදාදා(09) සවස 2.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අගමැති මහින්ද රාජපක්ෂ ,මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද, රජයේ මැති ඇමැතිවරුන් ද ඊට සහභාගි වීමට නියමිතය .
කොවිඩ් වසංගතයෙන් ජය ගැනීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග, අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන සහ ඉදිරි දේශපාලන හා මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කිරිම සඳහා මෙම රැස්වීම් මාලාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ලා තමයි හොඳටම කෙරුවේ.. අපිට 5000 ලැබුණා. අපි ආයෙත් සර්ලාටම තමයි ඡන්දෙ දෙන්නේ...
මතක ඇතුව ඔය කට්ටිය ඥාණාඅක්කාවත් බලන්න යන්න...
5000 කොළ අරන් යන්න... නැතිනම් බඩුම තමයි.
මෙතැනට කුණු බිත්තර ටිකක් අරගෙන ගියානම් නියමෙට විකුණාගන්න තිබුණා.
පවුල් ආණ්ඩුවේ රොත්තම එනවා වගේ. ආයේමත් ජනතාව අන්දවන්න වගේ හදන්නේ... බල තණ්හාවට ගේම් දීපු අය, රට ලෝකෙටම ණය කාරයින් කෙරුවා මදිවට තව සංවර්ධනය ගැනත් පම්පෝරි ගහන්න හදනවා... මිනිස්සු පෝලිම්වල... කන්න නැහැ. බඩුමිල අහස උසට. රෙදි නැතුව එනවා නම් මීට වඩා හොඳයි...!
එනකන් තමයි ඉන්නේ...! මේ මැති ඇමැතිවරුන් දැනුවත් කරන්න.
මාස දෙකක් තුනක් තිස්සේ හිස් ගෑස් ටැංකි දෙකක් තියෙනවා ජාති දෙකෙන්... ගෙදරට ආවොත් ඔවුන්ටම කියලා අලුතින් දෙකක් ගෙන්න ගන්න පුළුවන් වෙයි.
අයවැයෙන් වැඩ ලක්ෂයක්... මේකට මොනවද කරන්න හැදුවේ..? ඇත්තටම මමත් එහෙකට සම්බන්ධ වුණා.. එම වැඩ සඳහා ලක්ෂ 30 ක් පමණ අවශ්‍ය වෙනවා. නමුත් වෙන්කර ඇත්තේ ලක්ෂ 02ක් පමණයි. එහෙම ව්‍යාපෘති කොපමණ ඇද්ද? මේවා ප්‍රචාරක වැඩ මිස වැඩදායක දේවල් නම් නොවෙයි,... මැතිවරණය ඉලක්ක කර කරන ඇස්බැන්දුම් මෙහෙම රටක් හදන්න පුළුවන්ද? මෙහෙම කරලා 2122 වනවිටත් (එවිට ලංකාව කාගේ රටක් වේද කියන්න බැහැ...) ලංකාව අපේ රට වුණොත් ලංකාව ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි කියමුකෝ...!!!
මොකටද? නැවත සැරයක් මිනිස්සු අන්දවන්නද? යුද්ධය විකුණලා පාස්කු ප්‍රහාරය, මහ බැංකු වංචාව, ජාතිවාදය, ආගම්වාදය... අවුස්සලා සෞභාග්‍යය ගැන සුරංගනා ලෝක මිනිස්සුන්ට මවලා පෙන්වලා නැවත බලය ගන්නද? මේ රට කාලා විනාශ කළා... ඒකට බොහෝ හාමුදුරුවරු වගකිව යුතුයි.
වරෙල්ලකෝ, නුඹලට දෙන්නම් හොඳ හූවක්... නුඹලාට කුණු බිත්තර ගහන්නේ රටේ ඉන්න මහජනතාව. හොඳට දැනගනිල්ලා.
එහෙනම් කොහු, ඉදල් සේල් එක වැඩිවෙයි. ජනතාව බලා ඉන්නවා එනකන්...
ආවොත් අනිවාර්යයෙන් හොඳවයින් දෙකක් අහගන්න පුළුවන්...!
ආරක්ෂාව තහවුරු කරොත් හොඳයි, නැතිනම් කුණු බිත්තර තමයි වදින්නේ... දැන් ජනතාව වහල්කම අතහැරලා ගොඩක් කල්...!
යන්න යන්න... ගිහින් බලන්න... සඳලුතලේ මධුවිත බොමින් උදම් අනනකල්.. ජනතාව කොසු, ඉදල් එකතු කරගෙන ඉඳලා තියෙන්නේ කියලා දැනගන්නත් ලැබෙයි. මෙයාලගේ කතා අහලා, කිසිම පදනමක් නැති හිස් පොරොන්දු වලට අහුවෙලා ආයෙමත් මුන්ට බලය දුන්නොත්... ඔහෙලගේ මිනීවලවල් වලටත් හෙණ ගහවි...!