
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් එම පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මදුර විතානගේ මහතාගේ නිවසේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ වර්තමාන දේශපාලන තත්වය සහ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.
මෙයට අමතරව දේශපාලනිකව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවට ඩීවී චානක, තේනුක විදානගමගේ,ඉන්දික අනුරුද්ධ, වෛද්‍ය රමේෂ් පතිරණ රෝහිත අබේගුණවර්ධන පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, අජිත් රාජපක්ෂ, සම්පත් අතු කෝරළ අනූප පැස්කුවල් , මදුර විතානගේ ප්‍රේමනාත් සී දොළොවත්ත විජිත බේරුගොඩ චින්තක මායාදුන්නේ යන මහත්වරු සහභාගිවී ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පසුගිය කාලයේදී ඉවත් වී දේශපාලන කටයුතුවල නියැලුණු කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කනක හේරත් තාරක බාලසූරිය සහ නීතිඥ අනුරාධ ජයරත්න යන මහත්වරුන් සහභාගි වී නැතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබ්බගාත් නෑමොල රාජපක්ෂ සමග හොරු එක මිටට
සහභාගි නොවුණා යැයි නම් සඳහන් අය කෙසේ හෝ යළි පොහොට්ටුව හා සම්බන්ධ කර ගැනීම ඒ පක්‍ෂයට හොඳයි. කංචන, කනක හේරත් වැනි අය තමයි රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ආර්ථික වශයෙන් රටට හුස්මක් ගන්න අවශ්‍ය පරිසරය සකස් කළේ. රත්තරං මහත්තය වගේ අයට ගිය අතක් බලාගෙන ඉන්න කියලා ඒ ගැන කල්පනා කරන්න. එසේම සජිත් ප්‍රේමදාස නමැති කුසීත විපක්ෂ නායකයා නිසා දේශපාලනයේ උඩට මතු වීමට අවකාශ නොමැති චරිත් අබේසිංහ වැනි තරුණ සජබයින් ද එක කඳවුරකට පැමිණීම නාමල් රාජපක්‍ෂ මහතාට පමණක් නොව රටටත් හොඳයි. මුසාවෙන් බලයට පැමිණ මුසාවෙන්ම ආංඩු කරන්නට දත කන ජාජබ ත්‍රාඩ ආංඩුවේ නිරුවත හෙළි කිරීමට එය අත්‍යවශ්‍ය කාරණයකි.
හොරු කල්ලි ගැහෙන එක සාමාන්‍ය දෙයක්, හිරේ ගියාම කරන දේවල් සාකච්ඡා කරන්න ඇති
සිරගෙදර ඔබ එනතුරු බලා සීටී
දශක ගණනක් දේශපාලනය කරපු මෙච්චර පරිනත අය මොකද නාමල් ව නායකයා කරන් ඉන්නේ ,? ඒ ගොල්ලොන් ම දන්නේ නැහැ ඒ ගොල්ලොන් පොහොට්ටුව කියන රාජපක්ෂලාගේ පවුලේ වියපාරයට කත් අදින වහල්ලු ටිකක් විතරයි කියල
පොහොට්ටු කාරයෝ ඇරුනම වෙන කවුද අනේ මේ...................... පෙරකදෝරු මල්ලිත් එක්ක සාකච්චා කරන්න එන්නේ
වැලිකඩ බන්ධනාගාරයේ හො මහර බන්ධනාගාරයේ බලය ඇල්ලීම හා බහුතරය පවත්වාගෙන යාමේ ක්‍රම විධි ගැන සමහර විට වැලිකඩ නාමල්ගේ බලය පිහිටුවා ගෙන සජිත්ට මහර බලය පිහිටුවන්න සහයෝගය දීම වගේ බැගැරුම් දේශපාලන උපාය උපක්‍රම ගැන වෙන්න ඇති සාකච්ඡා කරන්න ඇත්තේ.
කාගේ කාගේත් බෙල්ල වටේ තොණ්ඩුව ටික ටික තද වෙනකොට මරු විකල්ළෙන් දඟලනවා පණ බේරගන්න.
Oh..... රනිල්ගේ සිලින්ඩර පක්ෂයත් එකතු වෙලා තියෙන්නේ
රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත දේසපාලුවෝ ,බලය නැතුව කරකියා ගන්ඩ දෙයක් නැතුවයි ඉන්නේ?
හොර තක්කඩි එන පොත හොඳ නැහැ වගේ.
ඕවර් කතා කරලා වැඩක් නැහැ
ඩෝබිලා තිතටම බය වෙලා මොකෝ? ආණ්ඩුව හොඳටම කරනවනම් කවුරු කොහොම එකතු උනත් ප්‍රශ්නයක් නෑනෙ.