(සුජිත් හේවාජුලිගේ)
පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.
කොළඹ ගාලු මුවදොර අරගල කරුවන්ට කණ්ඩායමක් පහර දීමෙන් අනතුරුව ප්‍රචණ්ඩවූ පිරිසක් විසින් ඉකුත් මැයි මස නව වෙනිදා පුද්ගලයෝ 20 කට වැඩි සංඛ්‍යාවක් බේරේ වැවට මෙලෙස ඇද දමා විවිධ හිරිහැරයට පත්කරනු ලැබූහ.
බේරේ වැවට ඇද දැමූ පිරිස අතර කාන්තාවෝ කිහිප දෙනෙක්ද වූහ.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ මුදල් කොල්ලකා ඔහු බේරේ වැවට තල්ලු කළ බව කියන පුද්ගලයෙක් කොළඹ වෑකන්ද ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින මේ පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක අයෙකි.
මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු පිරිසක් ඔහු බිමට බස්සවා ඔහුගේ මුදල් පසුම්බිය කොල්ලකා අනතුරුව බේරේ වැවට තල්ලු කර ඇතැයි පොලිසිය පවසයි.
පුද්ගලයන් බේරේ වැවට තල්ලු කළ සෙසු පුද්ගලයන් සොයා ගැනීමටද පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ පවත්වාගෙන යයි
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගෙන්ද ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය තිබුණු, තියෙන රජයන්ට එරෙහිව අරගල කරන්නේ, රඡයේ දේපළ විනාශ කරන්නේ සාධාරණයෙන් රටට කුමක් හෝ කළ අයද? ඒ අය රජයේ දේපළ විනාශ නොකළ අයද, රජයේ දේපළ ගිනිබත් නොකල අයද, මංකොල්ල කෑම් නොකළ අයද, සාහසික මිනීමැරුම් නොකළ අයද? මේ දෙන දඬුවම්ද ලිහිල් වැඩියි. වසර ගණන් ඇතුළට දාන්න ඕන ජම්පරය අන්දවා...!
ඒවට විශාල ගොඩනැගිලිවල වැඩකරන උඩරට වතුකරයේ සේවකයන් සියගාණක් ඕකට හවුල්..!
ගෙවල් ගිනිතියපු, මංකොල්ලකාපු, හොරකම් කරපු අය තමයි මේ අල්ලනවට විරුද්ධ... බයේ.. අහුවෙනවා කියලා දන්නවා...!
ඔක්කොම ඉන්නේ මැදමුලනේ….පුලුවන් නම් අල්ලාගන්න.
බේරේ වැවට දාන්න මුල් වූ හේතුව හොයලා බැලුවා නම් නරකද මුලින්ම...? එතකොට අනෙක් ඒවාට උත්තර නිකම්ම ලැබෙනවා...
නිරායුධ අරගල කරුවන්ට අමානුෂික විදියට අඩන්තේට්ටම් කරපු අයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති. ගඳගස්සන්න ආපු අයට කරපු වැඩේ නම් නියමයි.