
(ළහිරු හර්ෂණ)
ජපන් භාෂා ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය දරුවන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී KatsukiKotara මහතාගෙන් ඉල්ලීමක් කළේය.
මෙරට සිටින ජපාන තානාපති භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී KatsukiKotara ඇතුළු ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (26) උදෑසන හමුවූ අතර දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙන්ම ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට ලබාදීමට ඇති හැකියාව ගැනත් අවධානය යොමු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති නිලධාරීන් සහතිකවම රැකියා දෙන බවට පොරොන්දු නොවී ඇයි ඇමැතිවරයා රැකියා ලබා දෙන බවට ප්‍රකාශ කරලා ජනතාව රවටන්නේ...!
තානාපති නිලධාරීන් සහතිකවම රැකියා දෙන බවට පොරොන්දු නොවී ඇයි ඇමතිවරයා රැකියා ලබා දෙන බවට බොරු ප්‍රකාශ කරලා ජනතාව රවටන්නේ...?
ගොඩක් හොඳ වැඩක්... මාර වටිනවා. මමත් උසස් පෙළ කරලා ඉන්නේ... ජොබ් එකක් කළා.. ඒත් රටේ තත්වයත් එක්ක ඒකත් ඉවරයි. පුළුවන් නම් මටත් උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්...!
මෙයා ඇමති වුණු ගමන් ජපානයේ රැකියා ලැබුණාද? කාවද මේ ගොනාට අන්දන්නේ?
තාම ජපානය එය කරනවාම කියා ප්‍රකාශ කර නැති හැඩයි. ඊටත් භාෂා ප්‍රවීණත්වය නැතිව යන තරුණ තරුණියන් අමාරුවේ වැටෙනවා. ජපානයේ කම්කරු රැකියා කරන්න පුළුවන් ප්‍රායෝගිකව කය වෙහෙසවිය හැකි ඉතා හොඳ ශාරීරික යෝග්‍යතාවය මෙන්ම හික්මීමක් ඇති තරුණ තරුණියන්ට විතරයි. දේශපාලනයට කත්අදින හික්මීමක් නැති අයව ඇරලා රටේ අනෙක් තරුණ තරුණියන්ටත් අවස්ථාව නැතිවෙන්න ඉඩ තියනවා...
බලාගෙන... දරුවන් වගේ වෙස්වලාගෙන දේශපාලකයින්ගේ නාකි නෑදෑයින් යවන්න කටයුතු කරයි.
අපේ දරුවන්ටත් අවස්ථාවක් දෙන්න.
ගොඩක් හොඳයි සර්... අපිටත් උදව් කරන්න...
ගොඩක් හොඳයි, ක්‍රියාත්මක කරනවා නම්... වයස් සීමාව බලා උසස් පෙළ නිමකර සිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න...!
කලින් අවස්ථාවලදී වගේ ඇමැතිතුමාගේ කරල පැහෙයිද? නැත්නම් සුදුසු අයට ලැබෙයිද?
වයස් සීමාව 45 දක්වා වැඩි කර, වැඩි ප්‍රමාණයකට මෙම අවස්ථාව ලබා දීමට හැකි නම් මැනවි...