
(ඉන්දිකා රාමනායක)
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් , පහරදී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කාතන්කුඩි පොලිසිය පවසයි
මෙම සැකකරුවන් ඉකුත් (5) දින මෙම ශිෂ්‍යාව ආරියම්පති ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඇයට පහරදී සමුහ දූෂණයකට ලක් කර ඇති බවට කාන්තන්කුඩි. පැමිණිල්ල ලැබී ඇත
එම පැමිණිල්ල මත විමර්ශන පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ආරියම්පති ප්‍රදේශයේ අවුරුදු 26-32 අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් අද (8) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ අපචාර අඩුකරගත හැකිය. ළමා හා කාන්තා අපචාර වලට සහ පොදු දේපල හොරා කන්නන්ට ඉතා කෙටි කලකින් නඩු විභාගකර චුදිතයින්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි...!!!
මරලා දාන්න ඕනෑ උන්ව. පොඩි හොරකමක්, කුඩු ටිකක් අහුවුනොත් ආයුධ පෙන්නන්න ගෙනිහින් මරන්නේ. ඕවාට ඒ දඩුවම් දෙන්න ඕනෑ...!
යල් පැනගිය නීති ඉවත දමා නව නීතී සකසා මේ අපරාධ කරුවන්ට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න.
දැන් මේ තිරිසනුන් ටික තර්කානුකූලව නිදොස්කොට නිදහස් කරගන්න අර කළු කෝට් මාමාලා දත් විලිස්සාගෙන ඇති. ඉතින් රටක් හැදෙයිද?
දැන් රටේ කාම අපරාධ වැඩියි. හේතුව මොකද්ද දන්නේ නෑ.