(විනීතා එම්. ගමගේ)
එළඹෙන සඳුදා දිනයේ පාසල් ආරම්භ කිරීමට නම් ආරක්ෂාව පිළිබඳව විශ්වාසී ප්‍රකාශයක් රජය කළ යුතු යැයි විදුහල්පතිවරු පවසති.
රජයේ පාසල් සඳුදා විවෘත කරන බව රජය පවසතත් විවිධ පාර්ශ්ව විවිධ ප්‍රකාශ කරන බවත් මේවනතුරු ස්ථිරව ආරක්ෂාව පිළිබඳව ප්‍රකාශයක් රජයෙන් නිකුත් වී නැති බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවසීය.
ආරක්ෂාව සඳහා පාසලකට එක් පොලිස් නිලධාරියෙකු බැගින් ලබාදෙන බව අධ්‍යාපන ඇමති පවසතත්, පොලිස් ස්ථානාධිපතිවරුන් පවසන්නේ එක් නිලධාරියෙකු හෝ ලබාදිය නොහැකි බව යැයිද ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
ආරක්ෂාව තහවුරු වන තුරු කතෝලික පාසල් විවෘත නොකරන බව කාදිනල්තුමන් පවසතත් රජය ආරක්ෂාව ගැන කතා නොකර, පාසල් විවෘත කිරීම ගැන කතාකිරීම පිළිගත නොහැකි බවත් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පලයන් යන්න.. අපිට හැමදාම ළමයා ගෙදර තියන් ඉන්න කියලද කියන්නේ...
පාසල් විවෘත කළ විට නගරවල සහ බස් නැවත දහස් ගණනින් දරුවන්ගෙන් පිරීයනවා. එවිට ඔවුන්ට ආරක්ෂාව සපයන්නේ කවුරුන්ද? ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව තිබෙන තහවුරුව කුමක්ද? මේ අවස්ථාවේදී මීට වඩා විචක්ෂණශීලි විය යුතුයි. ඉගෙනීම ප්‍රමාද වූවාට කම් නැත එහෙත් ජීවිත...
ඇමැතිතුමා පෙන්වන රක්ෂණ ආවරණය දිහා බලලද ළමයි යවන්නේ? දරු පරපුර ගැන රජය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි..
සහතික ඇත්ත.. මොවුන් බහුබූත කතා කළාට දරුවන්ට ආදරේ දෙමාපියන් ආරක්ෂාව තහවුරු කරන තුරු තමන්ගෙ ළමයි පාසල්වලට එවන්නේ නෑ..
එ්ක නම් මේ ආත්මේදී සිද්දවෙන දෙයක් නෙමෙයි. මේ ගොල්ලන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නවට වඩා දෙයක් කරන්න දන්නේ නැහැ...
සිදුවුණු දේවල් එක්ක විශ්වාස කරන්න බැරිම රජය කියන දේවල්. අපේ දරුවන් තවත් බිල්ලට නොදිය යුතුයි.
ස්ටාලින් මහත්තයා මේ කතා කරන්නේ ඇත්තටම ළමයි ගැන හිතලද? නැත්නම් තමන්ගේ කට්ටියට ලැබෙන නිවාඩුව ගැන හිතලද? මීට කලිනුත් විවිධ හේතු මත පළාත් සභා පාසැල් නිවාඩු ප්‍රකාශයට පත් කළාම ඒකට හිලව් දවස් වැඩ කරන්න කිව්වම තමයි මෙයා කෑ ගහන්න ගත්තේ. නිවාඩු ප්‍රකාශයට කමක් නෑ. මේකටත් හිලව් වැඩ කරන්න කිව්වා නම් බලන්න තිබ්බා වහාම පාසැල් විවෘත කරව් කියලා මෙයාගේ සද්දේ...
ගුරුවරුන්ට නිවාඩු ගන්ට මේවගේ වෙලාවක් ඕනෙ නැහැ. අවුරුද්දට තුන්මාසයක් නිවාඩු සියලුම රජයේ නිවාඩු, වෙළඳ නිවාඩු, පෝය නිවාඩු දවසෙන් භාගයක් වැඩ කරන්නේ... හිතුනොත් ලෙඩ නිවාඩු දානවා. එක පොලිස් කොස්තාපල් කෙනෙක්ට පුළුවන්ද ළමුන් දහස් ගණනකගේ ආරක්ෂාව බලන්න. කොටි රටෙන් භාගයක් ගන්ට යුද්ධ කෙරුවේ. මොවුන් කරන්නේ යුද්ධයක් නෙමෙයි,.. නිකම් මරාගෙන මැරෙන එක. ඒකනිසා මොවුන් විශ්වාස කරන්න බැරි ජාතියක්.
මේක අත්හදා බැලීමක්... ආරක්ෂාව තියනවද නැද්ද කියලා...
තව සතියක් නිවාඩු දෙන්න