
(චමින්ද වැවතැන්න)
කෑගල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකට පියා සමග ත්‍රීරෝද රථයකින් යමින් සිටි පාසල් ශිෂ්‍යාවකට පෙම්වතා යැයි කියන තරුණයකු පරගම්මන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් මඟ හරස් කර ඇසිඩ් පෙවීමට උත්සහ කිරීමේදී ඇති වූ ගැටුමක් නිසා පාසල් ශිෂ්‍යාව සැකකාර තරුණායා, පාසල් ශිෂ්‍යයාවගේ පියා පිළිස්සුම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21ක් පාසල් ශිෂ්‍යයාවක ඇගේ 45 හැවිරිදි පියා හා කෑගල්ල නගරයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු බව පොලිසිය පැවසීය.
කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පාසල් ශිෂ්‍යාව කෑගල්ල නගරයේ විභාග මධ්‍යස්ථානයක් වෙත පියාට අයත් ත්‍රීරෝද රථයෙන් පියා සමඟ ගමන් කරමින් සිටියදී පරගම්මන පසු කර බටවංගුව ප්‍රදේශයේ දී ශිෂ්‍යාවගේ පෙම්වතා යැයි කියන තරුණයකු මිතුරකු සමග යතුරු පැදියකින් පැමිණ මඟ හරස් කර ත්‍රීරෝද රථයේ පිටුපස සිටි පාසල් පෙම්වතියගේ බෙල්ල මිරිකා ඇසිඩ් පෙවිමට උත්සහ දරන අවස්ථාවේ දී පියා ඇසිඩ් බෝතලය ගෙන තරුණයාට පාරක් එල්ල කර ඇති බව කල මුලික විමර්ශන කටයුතු වලදී අනාවරණය වු බව පොලිසිය පැවසීය.
එම අවස්ථාවේ දී පාසල් ශිෂ්‍යාවටත් ඇගේ පියාටත් හා සැකකාර තරුණයාටත් ඇසිඩ් වැදීමෙන් පිළිස්සුම් තුවාල ලබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම තවමත් කල්පනා කරන්නේ වෙච්ච ප්‍රශ්නය නෙවෙයි. 21 හැවිරිදී පාසල් ශිෂ්‍යයාවන්ඉ න්නේ මොන ඉස්කෝලේද කියලා.
කැම්පස් එකේ පිහියෙන් අනිනකොට එකට සමාජය තල්ලුවක් දීලා සාධාරනීකරණය කරනකොට ඉස්කෝලේ යන පොඩි කොල්ලෝ කුරුට්ටොත් ඔය වගේ ගොන් වැඩ කරනවා .මේ විහිලුව මෙතනින් නැවතිය යුතුයි .දරුවන්ට නිදහසේ පාසලෙත් ,සරසවියෙත් ඉගෙන ගන්න දිය යුතුයි
මොන මිනිස්සුද මෙ? ගැහැනු දරුවනි.. ඔබෙ පෙම්වතා හරියට හඳනා ගන්න තෙරෙන්නෙ නැතිනම් දෙවියන්ගෙ නාමෙට පෙම් පලහිලව් හදා ගන්න එපා.. පිරිමි ලමයිනි.. ඔයාගෙ පෙම්වතියට ඔයාව එපා නම් ඔයාව ඔන කියන අයගෙන් කෙනෙක් තොර ගන්න.. ආදරය කියන්නෙ බලෙන් ගන්න පුලුවන් ඩෙයක් නෙමෙයි.. මෙච්චර ගොන් ආතල් ගාන එපා.. . ඔයාගෙ මුලු ජීවිතෙම ඔයාට වැඩකටම නැති කෙහෙල්මලක් නිසා විනාශ කර ගන්න එපා.. අඩු ගානෙ ගෙදර ඉන්න අනිත් අයගෙ ආත්ම ගෞරවය ගැන වත් හිතන්න..
එ දරුව තාත්ත එක්ක ගිය නිසා ජීවිතෙ බෙරුනා. මෙ නරුමයන්ට මිනිමරුමට තැත්කිරිමෙ වරදට උපරිම දඩුවම් දෙන්න ඔනෙ.
සෙනරත් මහත්තයා ඔයා ගෝතය ඇප අරන් ගෙදර එයි, නඩුව අවුරුදු 10-15 විතර ඇදේවි. ඔය කලාතුළ සමහරවිට මේ ගෝතයා පාතාල කල්ලියකුත් හදාගෙන, දේශපාලකයෙකුට සෙට් වෙලා තව, තවත අපරාධ කරාවි.අන්තිමට පොලීසියත් සමග එකතු වෙලා නඩුව අල කරාවි.