(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවන් පාසල්වලට නොඒමේ බරපතළ ගැටලුවක් පවතින හෙයින් ඒ ගැටලුව වහා විසඳන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය.
පාසල් නොයන දරුවන් අන්තිමේදී විභාගවලට ලියන්න දෙන්න කියලා
විදුහල්පතිවරුන් කන්න හදනවා යැයිද ඔහු සඳහන් කළේය.
ජයසේකර මහතා මෙම ඉල්ලීම කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
මේක අද හැම පාසලකම තියෙන තත්වයක්. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු දරුවන් පාසල්වලට එන්නේ නැහැ. මවුපියනුත් මේ වැඩේට සහය දෙනවා. ඊට පස්සේ අන්තිමේදී පාසල්වලට ඇවිල්ල උසස් පෙළ ලියන්න දෙන්න කියලා ප්‍රින්සිපල්ව කන්න හදනවා. අද පැමිණීම සියයට 80ක් නැහැ. ඔබතුමා ගොඩක් ප්‍රශ්න වලදී මැදිහත් වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ ඉඳලාවත් මේකට පිළියමක් හදමු.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා
දැන් මතුකරපු කාරණයට මම වැඩපිළිවෙලක් සැප්තැම්බර් මස මුල ආරම්භ කරනව. නියමු ව්‍යාපෘතියක් විදියට.සාමාන්‍ය පෙළ උසස් පෙළ අවසන් කර ඇති දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් පාසල් වලදී මාර්ගෝපදේශන සහ වෘත්තීය අධ්‍යාපනය දීමට කටයුතු කරනවා. හැම පාසලකම ඒක ආරම්භ කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමුන් පාසල් ගුරුවරුන්ට වඩා උපකාරක පන්ති ගුරුවරුන් විශ්වාස කරල ඒවට යනව...
හොරාකයි, බලුකම්, ජඩකම් වපුරයි. ඒත් හෙනයක්වත් නැත. ගැටලුවක්ද නැත.
පාසැල් වල හරියට උගන්වන්නෙ නැති නිසයි ලමයි එන්නෙ නැත්තෙ. හැම පාසලකම වගෙ පීරියඩ් 2ක් 3ක් උගන්වන්නෙ නෑ. ගුරුවරු නෑ.
ඔය ප්‍රශ්නෙට පිලිතුරු අතුලෙ ඉන්න රජ පුතාගෙන් ඇහව්වානම්? කිසිදවසක එක්තරා විද්‍යලයකට නොගොස් තනි කාමරෙක අවසන් විභගය ලිවුව පුතා.
ළමයින් ඉස්කෝලේ එන්නේ නැත්තේ ඇයිද? කියලා මුන් දන්නේ නැහැ. මුං බබාලා? දහස් ගණන් වියදම් කරල උපකාර පන්තිවලට යන්නේ ආසාවට නෙමෙයි නිසි අධ්‍යාපනය ගන්න. නිකං බයිලා ගහල ලකුණු දාගන්න දඟලන්නේ නැතුව හදපන්ලා රටේ අධ්‍යපානය.
අපෙ සල්ලි වලින් කාලා මුන්ගේ මූණු දිලිසෙනවා ...
එහෙනම් ඉතින් මුදලට අධ්‍යාපනය අවශ්‍ය බව දෙමාපියන් හා දරුවො ඒකඡන්දයෙන් අනුමත කරා කියලා පේනවා තීරණ ගැනීම පාලකයො සතුයි
ඒක ඒ ළමයි බලාගනීවි හොඳම දේ පාසල් ටික වහලා දාලා ළමයින්ට මුදල් දෙන්න පන්ති යන්න පාසල් පද්ධතියට වෙන්නෙත් ලංගමට වෙච්ච දේමයි
දොස්තරලා නිසා ලමයි විභාගය ලියනව. පාසල් අධ්‍යාපනය හොදින් ලබාදෙන විට ලමයි පාසල් එයි
කෝ මේ ඉස්ටාලිං ගොයියා
ඉගෙනගන්න පාසල් එන්නම ඕනේ නැත. පාසල් ගුරාලාගේ ටියුෂන් පන්ති ගියාම ඉගෙනගන්න පුළුවන්.